Home » විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලක්ෂි ප්‍රේමවර්ධනගේ අවසන් කටයුතු අද

විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලක්ෂි ප්‍රේමවර්ධනගේ අවසන් කටයුතු අද

by sachintha
March 24, 2025 4:00 pm 0 comment

කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයන අංශයේ විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලක්ෂි ප්‍රේමවර්ධන මහත්මිය හදිසියේ අභාවප්‍රාප්ත වූවාය. ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ උපත ලද මහාචාර්ය නීලක්ෂි ප්‍රේමවර්ධන මහත්මිය සිය ශාස්ත්‍රවේදී උපාධිය සහ දර්ශනපති උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ද, ආචාර්ය උපාධිය ජර්මනියේ සීගන් විශ්වවිද්‍යාලයෙන් ද ලබාගෙන ඇත.

1994 වසරේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරියක වශයෙන් සේවයට එක්වූ ඇය මිය යන විට අධ්‍යනාංශයේ ජර්මන් භාෂාව පිළිබඳ විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක ලෙස සේවය කළාය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ධුරය ද දැරීය. කැලණිය විශ්වවිද්‍යාලය සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කීහිපයක් සාර්ථකව ස්ථාපිත කළ ඇය විදේශීය ශාස්ත්‍රඥයන්ට සහ විද්‍යාර්ථීන්ට කැලණිය විශ්වවිද්‍යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හුවමාරු වැඩසටහන් නිර්මාණය කරමින් සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කර ඇත.දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) සවස 5:30ට බොරැල්ල-පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT