බණ්ඩාරවෙල සිට වැල්ලවාය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ඊයේ (23) පස්වරුවේ බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෝව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක සහ වෑන් රථයක ගැටී තිබේ. එහිදී හත්දෙනකු තුවාල ලබා බණ්ඩාරවෙල සහ බදුල්ල ශික්ෂණ
රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.අනතුරින් කාන්තාවන් සිව්දෙනකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇති බවත්, ඔවුන් අතර පෞද්ගලික බස් රථයේ කොන්දොස්තර,ත්‍රීරෝද රථ රියදුරා ද සිටින බව පොලිසිය කීය. බණ්ඩාරවෙල සිට වැල්ලවාය බලා ධාවනය වෙමින් තිබූ මේ පෞද්ගලික බස් රථය දෝව ප්‍රදේශයේ පල්ලමේ ධාවනය වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්‍රියා විරහිත වී ඇති බවත් ඒ සමඟ බස් රථය ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක සහ වෑන් රථයක ගැටී පසුව පල්ලමේ ඇදී ආ බස් රථය රියදුරු මාර්ගය අසල වේල්ලකට අල්ලා නවතා ගැනීම නිසාවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැලකී ගිය බවත් පොලිසිය පවසයි.අනතුරින් බස් රථයට ත්‍රීරෝද රථයට වෑන් රථයට හානි සිදුවී තිබේ.
සොරණාතොට සමූහ- සී.ගමගේ සහ
බදුල්ල සමූහ- නිශාන්ත අබේගුණවර්ධන