පමුණුගම උස්වැටකෙයියාව පරණ අම්බලම ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වූ පුද්ගලයන් 57 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.
ඊයේ (23) රාත්‍රී කාලයේ පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරමින් ඉන්ස්ටග්‍රෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබේ.
ඒ, අනුව සිදුකළ වැටලීමක දී මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති අතර, මොවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා සමඟ සැකකරුවන් 16ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඊට අමතරව මෙහි රැඳී සිටි සැකකාරියන් 07 දෙනෙකු සහ සැකකරුවන් 34 දෙනෙකු ද සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම මෙම සාදය පැවැත් වූ හෝටලයේ හිමිකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 200ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 18 ත් 35 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.
පමුණුගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.