Home » ඉන්දීය අගමැති මෝදිගෙන් සුනිතාට ලිපියක්

ඉන්දීය අගමැති මෝදිගෙන් සුනිතාට ලිපියක්

by sachintha
March 24, 2025 9:07 am 0 comment

අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ මාස 9 ක කාලයක් සිරවී සිටි ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානු ගගනගාමී සුනිතා විලියම්ස්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලිපියක් යවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය අමාත්‍යවරයකු වන ජිතේන්ද්‍ර සිං විසින් එක්ස් සමාජ මාධ්‍යජාලයට නිකුත් කරනු ලැබූ එම ලිපියට අනුව අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ රැඳී සිටි කාලය ඇතුළත අගමැතිවරයා ඇතුළු සමස්ත ඉන්දීය ජනතාව සුනිතාගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් සහ නැවත ඉක්මනින් පෘථිවියට පැමිණීම වෙනුවෙන් ප්‍රාර්ථනා කළ බවත්, ඇය මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් සඳහන් වී තිබේ.

සිය අමෙරිකානු සංචාරය අතරතුර අගමැතිවරයා අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩ්න්ගෙන් මෙන්ම වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ද සුනිතාගේ සුවදුක් විමසා ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. නාසා ආයතනය වෙනුවෙන් සේවය කරන සුනිතාගේ ජයග්‍රහණ සම්බන්ධව ඉන්දියාවේ බිලියන 1.4ක ජනතාව ආඩම්බරයට පත්වී සිටින බවත්, ඇය ඉන්දීය ජනතාවගේ හදවත්වලට ඉතා සමීප චරිතයක් බවත් එම ලිපියෙහි සඳහන් වන බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT