පෙණහලු ආසාදනයට ලක්වීමෙන් මාසයකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ පස්වරුවේ රෝහලෙන් නික්ම ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාප් වහන්සේ ඊයේ පස්වරුවේ රෝමයේ ජමේලි රෝහලේ සිට වතිකානුවට පැමිණි බවත්, තව දුරටත් විවේකීව කාලය ගත කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. පාප් වහන්සේ රෝහලෙන් නික්ම යෑමට පැය කිහිපයකට පෙර රෝද පුටුවක ආධාරයෙන් සිය කුටියේ සඳළුතලයට පැමිණ පළමු වරට මහජනතාව හමුවේ පෙනී සිටි අතර, ඒ මොහොතේ රෝහල් පරිශ්‍රයේ රැස්ව සිටි තුන්දහසකට අධික බැතිමතුන් පිරිසක් පාප් වහන්සේට සුබ පතමින් සිටි බව වතිකාන් නිවුස් පුවත් සේවය වාර්තා කළේය. කතා කිරීමට අසීරු තත්ත්වයක පසුවූවද රෝහල ඉදිරිපිට රැස්ව සිටි ජනතාව ඇමතූ පාප් වහන්සේ ඔවුන්ට ස්තූතිය පුද කරමින් ආශිර්වාදය කළ බව වාර්තා වේ.
88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙණහලු ආසාදනය වීම හේතුවෙන් පසුගිය පෙබරවාරි 14 වැනිදා රෝමයේ ජමේලි රෝහලට ඇතුළත් කර තිබූ අතර, නිව්මෝනියා තත්ත්වයට ගොදුරු වීමෙන් වෙන්ටිලේටරයක් සවි කිරීමට වෛද්‍යවරුන්ට සිදුවී තිබිණි. රෝහලෙන් නික්ම යෑමට පාප් වහන්සේට අවසර ලැබී ඇත්තේ උන් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයේ පවතින බවට පෙරේදා ජමේලි රෝහලේ වෛද්‍යවරුන් තහවුරු කිරීම හේතුවෙන් බව ද වාර්තා වේ.