ආලවඩන යන තේරුම බෝසත්කම සකි…
Sexual Jealousy දරාගන්න බැරි වුණාම තමයි සමහරු හත්අටපොළකට පිහියෙන් ඇනලා මරන්නේ. “ආදරය කියන්නේ පට්ට ආත්මාර්ථකාමී කුහක හැඟීමක් තමයි ගොඩාක් අයට. ඇත්තටම ගොඩාක් අය ආදරේ කරන්නේ තමන්ගේ සතුට වෙනුවෙන් විතරයි. හැබැයි මං ඊට වෙනස්” නිලුපුල් එහෙම කිව්වේ පේරාදෙණියේ පාලම උඩදි.
“නපුරු කතා කියන්නෙපා නිලුපුල් – මං මෙතැනින් පල්ලෙහාට පැනලා මැරෙනවා. ඔයා නැතුව මං ඉන්නේ කොහොමද?”
“පාළුව, දුක ටික කාලයක් තියෙයි. පස්සේ ඒක හරියයි. මොකද ඔයා යන ගමන ඉස්සරහට යන්න මාව බාධකයක් කරගන්න එපා”
“ඔයා බාධකයක් වෙන්නේ නෑ..නෑ.. නෑ කිව්වම අහන්න” වාහනවල නපුරු හෝන් සද්දෙට වඩා හයියෙන් ප්‍රමාණි කෑගහලා කිව්වා. “ඇයි තේරුම් ගන්නේ නැත්තේ, හඳ අල්ලන්න මට උස මදි. උඩ පැනලා තේරුමක් නෑ. මං මට වඩා ඔයාට ආදරෙයි. ඒ නිසා මං ගැන විතරක් හිතලා ඔයාව මගේ ළඟ හිර කරගන්න බෑ. ඔයා කවදහරි අර හන්තානට උඩින් පේන හඳ වගේ පායන්න ඕන ප්‍රමාණි. එතකොට මට පුළුවන් ඒ හඳ දිහා බලාගෙන ඉන්න.. ඔයා යන්න. මං නවතින්නම්..බුදු සරණයි…..”
හන්තානට පායන සඳ – ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ පුරහඳ -ඔබට හැකිය දකින්න..
මේ සින්දුව අහන ගොඩාක් දෙනෙක් හිතන්නේ මේ ගැන ලියවිලා තියෙන ගොඩාක් තැන්වල තියෙන්නේ එකට උසස් පෙළ ඉගෙන ගත්ත දෙන්නෙක්ගෙන් කෙල්ල කැම්පස් ගියාම කොල්ලව අත්හැරියා කියන කතාව. හැබැයි ඇත්ත කතාව ඊට වෙනස්. ඇත්තටම කෙල්ල කැම්පස් සිලෙක්ට් වුණාට පස්සේ දෙන්නගේ affair එක නවත්තන්නේ කොල්ලා. මේ සින්දුව ලිව්ව ධම්මික බණ්ඩාර කියන විදිහට කතාව මෙහෙමයි, ඔහුගෙ උසස් පෙළ පන්තියකදි දැකල තිෙයනවා දෙන්නෙක් අතර පොඩි ප්‍රේම පැළෑටියක් වැඩෙනවා. කොහොම හරි දෙන්නම උසස් පෙළ ලියලා ප්‍රත්ඵලවලින් ගෑනු ළමයා පේරාදෙණිය කැම්පස් එකට යනවා. ඊට අවුරුදු කිහිපයකට පස්සේ ටයි එකක් දාගත්ත sales rep කෙනෙක් විදිහට අර boyව මහපාරෙදි මුණගැහෙනවා ධම්මික සර්ට. පස්සේ කතා කරලා ඒ කාලේ affair එක ගැන අහද්දී ඒ Boy උත්තර දෙන්නේ මෙහෙම
“සර් දැන් එයා විශ්වවිද්‍යාලෙනෙ ඉන්නේ. දැන් එයාට හොඳ අනාගතයක් තිෙයනවා. දැන් මම එයාව බලන්න නිතර කැම්පස් එකට යන්න එන්න ගත්තොත් ඒක එයාගෙ තත්ත්වෙට බාධාවක්. මම එයාගෙ අධ්‍යාපන මට්ටමට ගැළපෙන්නෙ නෑ. ඉතින් මම කල්පනා කළා එයාගෙන් වෙන්වෙන්න”
“ඔයා පුදුම බෝධිසත්ත්වයෙක් නේ” ධම්මික සර් කියන්නේ එච්චරයි.
පස්සේ සති කිහිපයකට පස්සේ ගෙදර ඇවිල්ලා රාත්‍රියේ නිෙවසේ ඉන්න ධම්මික බණ්ඩාරට ඇහෙනවා “හුලවාලි” චිත්‍රපටයට ධර්මසිරි ගමගේ ලිව්ව සුනිල් එදිරිසිංහ ගායනා කරන ගීතයක්. ඒක අවසන් වෙන්නේ මෙහෙම.
“ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති හීනෙකි සකි.
ආලේ බිඳුණ දා කුමකට කඳුළු හෙලනු සකි
ආලවඩන යන තේරුම බෝසත්කම සකි”
“හුලවාලි” කියන්නේ සැඩොල් ගමක කතාවක්. ඒ සැඩොල් ගමේ නායකයා ධාරා. ධාරගේ බිරිය මේ හුලවාලිගමට තොරොම්බල් අරන් එන බිබිලේ ඇත්තො එක්ක හාදකමක් ඇති කරගන්නවා. මේක ගැන ධාරා ටික ටික දැනගෙන අන්තිමට දෙන්නවම එක තැනකදී එකට අල්ලගන්නවා. අල්ලගෙන ධාරා අහනවා ,
“උඹ මගේ ගෑනිට ආදරෙයිද.. එහෙනම් මගෙ ගෑනිව අරන් පලයන්. හැබැයි මේකිට කරදරයක් එහෙම වුණොත් මම උඹව ඉතුරු කරන් නෑ…”
ඔහොම කියපු ධාරා බිරියගෙ ඔක්කොම බඩු ටිකත් එක්ක රෙදි ටික පොට්ටනියකට දාල පටවලා තමන්ගෙ බිරිය බිබිලෙ ඇත්තොත් එක්ක පිටත් කරලා යවනවා. අන්තිමට බිරිය අරන් ගියාට පස්සේ ඇයට ගෙනියන්න අමතක වෙච්ච ඇගේ එක පෙරවන රෙද්දක් ධාරාට හම්බ වෙනවා. ධාරා මේ සළුව අතේ තියාගෙන හොඳටම අඬනවා.
“හුලවාලි” චිත්‍රපටයේ ධාරා කරන්නේ පරිත්‍යාගයක්. ඒ වගේම අර Boy කරන්නෙත් පරිත්‍යාගයක්. මෙහෙම ආදරේ දන් දෙන්න පුළුවන් බොහොම අතළොස්සකට විතරයි. මොකද හැමෝම ආදරේ කරන්නේ තමන් වෙනුවෙන් නිසා. මේ පෙම්වතුන් දෙන්නම තමන්ව කැපකරනවා අනිත් කෙනාගේ සතුට වෙනුවෙන්. ඒ කියන්නේ ආදරේ කරලා තියෙන්නේ අනුන් වෙනුවෙන්. ප්‍රේමයට පිටුපෑවම වෙඩි තියලා, පිහියෙන් ඇනලා ලේවලින් පවා පළිගන්න පෙම්වතුන් ඉන්න අද වගේ ලෝකෙක මේ පෙම්වතා වෙස්සන්තර කෙනෙක්. ඔහු තමන්ගේ පෙම්වතියට කියනවා ඔයා කවදාහරි කඳු මුදුනට යන්න, ජීවිතේ දිනන්න කියලා. ඒක තමයි “හන්තානට පායන සඳට” උපමා කරන්නේ. ඔහු අව්‍යාජව කියනවා “මට ඒ හඳ දකින්න බැරිවුණත් ඔයා ඒ ලස්සන හඳ දකින එක මම දකිනවට වඩා මට සතුටක් ” කියලා.
ඒ වගේම ඔහු බලාපොරොත්තු වෙනවා ඇයත් පරිත්‍යාගයක් කරයි කියලා. ඔහු ඇයගෙන් ඉල්ලනවා “අඳුරු ලලා වහින කාලේට වෙන කාටවත් කුඩේ ඉඩ දෙන්න එපා” කියලා . මෙතැන වැස්ස කියලා කියන්නේ ජීවිතේ එන එක එක ප්‍රශ්න කරදර කියලා අපිට හිතන්න පුළුවන්. ඒ ප්‍රශ්න, කරදරවලින් බේරිලා කුඩයක් අරං යනකොට තනිකමක් දැනෙන්න එපා කියලා ඔහු ඉල්ලනවා. ඒ කියන්නේ “මං ඔයාව අත්හරින්නේ දුර ගමනක් යන්න. ඒ කඳු මුදුනට යනකල් එන බාධාවලින් පරිස්සම් වෙලා යන්න කියලා තමයි මේ කියන්නේ. මොකද අපි දන්නවා පාළුව, තනිකම සහ ජීවිතේ ප්‍රශ්න නිසා තමයි තව කෙනෙක් ඕන වෙන්නේ. එහෙම ප්‍රශ්න වැස්සක් වැස්සත් තව කවුරුත් ළංකරගන්න එපා, ඔයා කුඩේ යටින් යන්න” කියලා පෙම්වතා කියන්නේ ඒ නිසා.
අඳුරු ලලා වහිනා කල – සරසවි බිම තෙමෙන්න..
කුඩේ යටින් ඔබ යන කල – එපා තනිය දැනෙන්න..
පේරාදෙණිය සරසවියේ මහවැලි ගඟ අද්දර තියෙන love lane එක හරි ප්‍රසිද්ධ තැනක්. ගොඩාක් පෙම් කතාවල හැඟීම් උත්සන්න අවස්ථාව තියෙන්නේ මේ ගහ කොළ අස්සේ. මේ නිසා තමයි අර පෙම්වතා කියන්නේ “ලතා මඩුලු අතවනයි ඒ නිසා කුඩේ යටින් අහක බලාගෙන යන්න” කියලා. මෙතැනදී එක පැත්තකින් කොයිතරම් බෝධි සත්ත්වයෙක් වුණත් ලිංගිකත්වය සම්බන්ධයෙන් පුංචි ඊර්ෂියාවක් තියෙනවා කියන එක අපිට පැහැදිලි වෙනවා. මේ Sexual Jealousy දරාගන්න බැරිවුණාම තමයි සමහරු හත්අටපොළකට පිහියෙන් ඇනලා මරන්නේ. හැබැයි මේ පෙම්වතා අහිංසක විදිහට තමන්ගේ ඊර්ෂියාව ප්‍රකාශ කරනවා.
ලතා මඩුලු අත වනාවි – එපා අහක බලන්න..
මා ගැන මතකය ගුළිකර – මහවැලියට දමන්න…
මේ ගීතයේ වඩා ප්‍රබල වචන පේළිය තමයි අන්තිම එක “මා ගැන මතකය ගුළි කර මහවැලියට දමන්න” කියන එක. කොහොම අමතක කරන්න හැදුවත් ප්‍රේමය කියන එක එහෙම light එකක් off කරලා දැම්මා වගේ අමතක කරන්න බෑ කියන එක කවුරුත් දන්න දෙයක්. හැබැයි කාලයක් යනකොට අමතක වෙනවා. ඒ කාලය ගෙවා ගන්න තමයි ඔහු කියන්නේ අපි ටිකින් ටික ආදරේ අමතක කරමු කියලා. මේක තමයි මේ කියන්නේ, “මහවැලියට දමන්න“කියලා. මොකද මහවැලි ගඟ තමයි ලංකාවේ දිගම ගඟ. මතකය කඩදාසියක් වගේ ගුළි කරලා දැම්මාම එක පාර ගිලෙන්නේ නෑ. ඒක පාවෙවී දුර යනවා. ගොඩාක් දුර යනවා. එහෙම කාලයක් ගිහින් ටිකින් ටික අමතක වෙලා යනකොට දුක නෑ.