Home » ක්ෂය රෝගයෙන් වැළකෙමු!

ක්ෂය රෝගයෙන් වැළකෙමු!

by sachintha
March 24, 2025 4:32 pm 0 comment

ක්ෂය රෝගය ලොකු, පොඩි කාටත් වැලඳිය හැකි වග වෛද්‍යවරුන් අවධාරණය කරන්නකි. අවුරුදු 15ට අඩු ළමුන් පිළිබඳ මෙහිදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. එසේම, ප්‍රතිකාර මඟින් එය සම්පූර්ණයෙන් සුව කළ හැකි බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනෙන් අවධාරණය කරයි. මේ අනුව අපි වැඩිදුරටත් ළමා ක්ෂය රෝගය දෙසට හැරුණොත්,

‘බහුලවම මෙය ළමුන්ට බෝ වන්නේ නිසි පරිදි ප්‍රතිකාර නොගත් වැඩිහිටි ක්ෂය රෝගින්ගෙනි. ළමුන් කෙරෙන් දක්නට ලැබෙන දිගු කල් පවතින කැස්ස, නිසි පරිදි බර වැඩි නොවීම පමණක් නොව කෙමෙන් ළමුන්ගේ බර අඩු වීමත් ක්ෂය රෝග ලක්ෂණ විය හැකි බැවින් නොපමාව පරීක්ෂා කර ගැනීම වැදගත්ය. කෑම අරුචිය, අලස බව, සාමාන්‍ය ප්‍රතිකාරවලට සුව නොවන නියුමෝනියාව මෙන්ම සාමාන්‍ය ප්‍රතිකාර වලට සුව නොවන ඇදුම සහ එවැනිම ගෙල ආශ්‍රිත වසා ග්‍රන්ථි ඉදිමීම ක්ෂය රෝගයේ ලක්ෂණ වන්නටත් පුළුවන. මේ පිළිබඳ නොමිලයේ රජයේ රෝහලකින් හෝ දිස්ත්‍රික් ළය චිකිත්සාගාරයකට යොමු වීමට පමා නොවිය යුතු වන්නේ එහෙයිනි. BCG එන්නත දුන් විට පොදුවේ ළමුන්ට ක්ෂය රෝග අවදානම මුළුමනින්ම දුරු වන වගක් ඇතැමුන් කල්පනා කළ ද සැබැවින්ම එයින් ආරක්ෂාව සැලසෙන්නේ අවුරුදු 5ට අඩු දරුවන්ගේ සංකූලතා සහිත ක්ෂය රෝගය එසේත් නැතිනම් මොළය ආශ්‍රිත හා ශරීරය පුරා පවතින ක්ෂය රෝගයටය. මේ නිසා දරුවාට BCG එන්නත දුන්නද ළමා ක්ෂය රෝගය පිළිබඳ වැඩිහිටියන් විමසිල්ලෙන් පසුවීම ඉතා වැදගත්ය.’

නුවන් ජයවික්‍රම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT