Home » පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය කඩිනමින් අවසන් කරන්න පියවර

පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය කඩිනමින් අවසන් කරන්න පියවර

by chanaka
March 24, 2025 3:39 pm 0 comment

පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තුවන බව ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය නිරීක්ෂණයට සහභාගී වූ අවස්ථාවේදී ය.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසි ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට කටයුතු කරන ලෙස ඉදිකිරීම් සමාගම් වලට සහ මාර්ග සංවරධන අධිකාරියට(RDA )ට අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

ඉදිකිරීම් සමාගම්වල සේවකයින්ගේ සුභසාධනයට කටයුතු කරන ලෙස ද පැවසූ ආමාත්‍යවරයා මෙවර ජාතික ජන බලවේගයේ මංගල අයවැය සම්මත විමත් සමඟ සියලුම සංවර්ධන කටයුතු කඩිනම් කෙරෙන බවද කියා සිටියේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ව්‍යාපෘති ඉංජිනේරුවරු ද සහභාගී වී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT