Home » හාල් ලොරියක් පෙරලී අනතුරක්

හාල් ලොරියක් පෙරලී අනතුරක්

by yasara
March 24, 2025 10:40 am 0 comment

හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අද  (24) උදෑසන බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල දික්කරාව ප්‍රදේශයේ දී  මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් අනතුරක් සිදු වී තිබෙයි.

මහියංගන ගිරාදුරුකෝට්ට ප්‍රදේශයේ සිට බණ්ඩාරවෙල දක්වා හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය   බදුල්ල බණ්ඩාරවල මාර්ගයේ දික්කරව ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩ දීමට යෑමේදී මාර්ගයේ ඉවුර කඩාගෙන පෙරළී යාමෙන් අනතුර සිදුව ඇත .

අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි රියැදුරු සහ   රිය සහායකයා ලොරි රථයෙන් පිටතට පැන දිවි ගලවාගෙන ඇත.

අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නොමැත.

බණ්ඩාරවෙල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT