Home » අනතුරට පත් චීන ගුවන්යානයේ දෝෂයක් නැහැ – ඇමති බිමල් රත්නායක

අනතුරට පත් චීන ගුවන්යානයේ දෝෂයක් නැහැ – ඇමති බිමල් රත්නායක

by chanaka
March 24, 2025 8:08 am 0 comment

වාරියපොලදී අනතුරට ලක්වූ ගුවන් හමුදාවට අයත් චීනයේ නිෂ්පාදිත K-8 ජෙට් යානයේ දෝෂයක් නොමැති බව පරීක්ෂණ මගින් තහවුරුවී ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව අමාත්‍යවරයා සදහන් කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමේ යානයක් පසුගිය සිකුරාදා(21) වාරියපොල, ඉහළ මිනුවන්ගැටේ, වෙලගෙදර ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටුණි.

ඉන් ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලැබුවේ ය.

අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළේ, සත් පුද්ගල කමිටුවක් විසිනි.

කෙසේවුවද, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලු K-8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරික්ෂාවක් සිදුකරන බව, ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබිණි.

K-8 වර්ගයේ ජෙට් පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ උපදෙස් මත එම පරීක්ෂාව සිදු කරන බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කර තිබිණි.

එහිදී අවශ්‍යතාවක් මතුවුවහොත්, විදෙස් පරීක්ෂක කණ්ඩායම් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද, ඔහු සඳහන් කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT