ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වන අදියර ඊයේ(22) රාත්‍රියේ කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.
ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම් අතරය.
ඒ අනුව පළමු තරගයෙන්ම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදවා කඩුලු 07ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර් බැංග්ලෝර් කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් නායක රාජත් පටිදර් පළමුව පන්දුවට පහරදීම සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අරාධානා කළේය.
ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තේය.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් සුනිල් නරායන් පන්දු 26ක් තුළ ලකුණු 44ක් ලබාගත් අතර ඔහුගේ ඉණිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 05ක් ඇතුළත්ය.
ලකුණු 175ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 02ක් තුළදි කඩුලු 03ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේය.