Tuesday, March 25, 2025
Home » සීදූවේ ෆේස්බුක් සාදයක් වටලයි – 76ක් අත්අඩංගුවට

සීදූවේ ෆේස්බුක් සාදයක් වටලයි – 76ක් අත්අඩංගුවට

by chanaka
March 23, 2025 9:10 am 0 comment

සීදූව පොලිස් වසමේ, කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ පවත්වන ලද ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු 76 දෙනෙකු ඊයේ (22) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ.

සීදූව පොලිස් ස්ථානයට ඊයේ පස්වරුවේ ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති බව වාර්තාවේ.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට්ද සොයා ගෙන ඇත.

මෙහිදී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියන් 03ක්, සැකකරුවන් 14ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව මෙම සාදය සඳහා සහභාගිවූ තරුණියන් 12 දෙනෙකු සහ තරුණයින් 47 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18ත් 25ත් අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT