Tuesday, March 25, 2025
Home » K-8 ගුවන් යානාවල ප්‍රමිතිය ගැන පරික්ෂාවක්

K-8 ගුවන් යානාවල ප්‍රමිතිය ගැන පරික්ෂාවක්

by chanaka
March 23, 2025 9:14 am 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලු K – 8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරික්ෂාවක් සිදුකරන බව, ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ, පසුගිය සිකුරාදා (21) K – 8 වර්ගයේ ජෙට් යානයක් වාරියපොළදී අනතුරට ලක්වීමත් සමගයි.

චීනයේ නිෂ්පාදිත K – 8 වර්ගයේ ජෙට් පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ උපදෙස් මත එම පරීක්ෂාව සිදු කරන බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ය.

එහිදී අවශ්‍යතාවක් මතුවුවහොත්, විදෙස් පරීක්ෂක කණ්ඩායම් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද, ඔහු පැවසීය.

අදාළ ගුවන් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරන්නේ, සත් පුද්ගල කමිටුවකිනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමේ යානයක් පසුගිය සිකුරාදා වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ වෙලගෙදර ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටිණි. ඉන් තුවාල ලැබූ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කෙරුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT