Tuesday, March 25, 2025
Home » පුංචි ඡන්දෙට අදාළ පැමිණිලි කරන්න අලුත් ඇප් එකක්

පුංචි ඡන්දෙට අදාළ පැමිණිලි කරන්න අලුත් ඇප් එකක්

by chanaka
March 23, 2025 8:40 am 0 comment

පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් ඊයේ(22) මැතිවරණ කොමිෂන් සභාවෙන් හඳුන්වා දෙනු ලැබීය.

විධිමත් සහ නව තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමට අදාළව EC EDR නම් ජංගම දුරකථන යෙදවුම මෙලෙස හඳුන්වාදී තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ,

“මහජනතාවට පැමිණිල්ලක් තිබෙනවා නම් දැන් හැකියාව තිබෙනවා මේ ඇප් එක හරහා එය ඉදිරිපත් කරන්න. පැමිණිල්ල කරපු පුද්ගලයාටත් දැනගත්ත පුළුවන් එයාගේ පැමිණිල්ලට මොකද වුණේ කියලා.

මේ ඇප් එක හරහා වීඩියෝ, ඡායාරූප තොරතුරු ලබාදීමේ හැකියාවත් තිබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT