Home » 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ඇරඹේ

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ඇරඹේ

by chanaka
March 22, 2025 8:26 am 0 comment

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අද (22) සිට ආරම්භ වේ. 2008 වසරේදී ආරම්භ වූ මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 18වන වරටය.

ඒ අනුව, පළමු තරගය කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7 .30 ට ආරම්භ වන්නේ කොල්කටා ඊඩන් ගාර්ඩන්ස් ක්‍රිඩාංගණයේදීය.

අද ආරම්භවන 2025 ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නව නිති තුනක් හඳුන්වාදීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරයි.

ඒ, අනුව කොවිඩ් 19 වසංගතයෙන් පසු පළමු වතාවට, පන්දු යවන කණ්ඩායමට පන්දුවේ පැහැය වැඩි කිරීමට ඛේටය (කෙළ) යොදා ගැනීමට අවසර දී තිබේ.

කොවිඩ් වසංගතයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ පන්දුවේ පැහැය වැඩි කිරීමට ඛේටය යොදා ගැනීම තහනම් කිරීමටයි කටයුතු කළේය.

මුම්බායි හි පැවති නායකයින්ගේ රැස්වීමේ දී ගත් සුවිශේෂී තීරණයකින් IPL බලධාරීන්ගේ බහුතර එකඟතාවයකින් පසුව මෙම තහනම ඉවත් කිරීමටයි කටයුතු කර ඇත.

එමෙන්ම තරගාවලියේ රාත්‍රියේ පැවැත්වෙන තරගවල දී දෙවන ඉනිමේදී 11 වන ඕවරයේ සිට නව පන්දුවක් හඳුන්වාදීමේ නීතියක් ද හඳුවන්ව දී තිබේ.

ඉහළ ලකුණු ලබා ගැනීමේ ක්‍රීඩා ප්‍රවණතාවය දිගටම පවත්වාගැනීමට මෙම නීතිය හඳුන්වා දී ඇති අතර, දහවල් කාලයේ පැවැත්වෙන තරග සඳහා මෙම තීරණය වලංගු වන්නේ නැත.

ඊට අමතරව වයිඩ් පන්දු සඳහා DRS ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නීතිය ද මෙවර අයි.පී.එල් තරගාවලියේ දී හදුන්වා දී තිබේ.

තරගාවලියේ ගුණාත්මක භාවය ඉහළ දමාගැනීමට සහ ආකර්ෂණය වැඩි කර ගැනීම වෙනුවෙන් මෙම නව නීති හඳුන්වා දී ඇති බව වාර්තාවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT