Home » ගණේමුල්ල සංජීව ඝාතනයට ජූලියන් අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනයට ජූලියන් අත්අඩංගුවට

by chanaka
March 22, 2025 9:20 am 0 comment

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ජූලියන් මාදවන් නැමැති 23 හැවිරිදි සැකකරු කොළඹ 15 හෙළමුතු සෙවණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මාදම්පිටිය පොලිස් වසමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරුව ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු අධිකරණ සංකීරණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වා සිටිමින් මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

2025.02.19 වන දින අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT