දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
ඝාතනයට ලක්වූ තරුණයින් යහළුවෙකුගේ උපන්දින සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර ඊට සහභාගී වී නැවත සිය නිවෙස වෙත පැමිණෙමින් සිටියදී පසුපසින් පැමිණි වැන් රථය යතුරුපැදියේ හප්පා තිබේ.
ඉන්පසුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි 28 හා 29 වියේ පසු වූ තරුණයන් දෙදෙනෙකි.
වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ ටී-56 උණ්ඩ කොපු 39ක්, ජීව උණ්ඩ 02ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02ක් හා ජීව උණ්ඩ 02ක් සොයාගැනීමට පොලීසියට හැකිව ඇත.
මේ අතර වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන වෑන් රථයක් වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිනි තබා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇති බව වර්තා වේ.
වෑන් රථය තුළ ටී 56 තුවක්කුවකට යොදන මැගසීනයක් සහ තවත් ටී 56 උණ්ඩ කොපු හමුව තිබේ.
වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණ මාතර අතිරේක මහේස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය මහතා විසින් අද (22) අළුයම් කාලයේ දී සිදුකළේය.
කෙසේ වෙතත් වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් හෝ මෙම වෙඩිතැබීමට හේතුව පිලිබඳව මෙතෙක් කිසිවක් අනාවරණය වී නොමැති අතර වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන කටයුතු පොලීසිය විසින් මේ වන විට ආරම්භ කර තිබේ.