Home » දේශබන්දුට පිටින් කෑම ඉල්ලයි – නඩුවට චෝදනා 09ක්

දේශබන්දුට පිටින් කෑම ඉල්ලයි – නඩුවට චෝදනා 09ක්

by chanaka
March 22, 2025 9:07 am 0 comment

තමාට පිටතින් ආහාර ලබා ගැනීමට අවසර ලබා දෙන්නැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ අධිකාරිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

සාමාන්‍යයෙන් බන්ධනාගාරගත සැකකරුවන්ට පිටතින් ආහාර ලබා ගැනීමට අදාළ බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කළ හැකි අතර ඒ අනුව මෙම ඉල්ලීම කර තිබේ.

ඒ අනුව බොහෝ දුරට ඔහුට පිටතින් රැගෙන එන ආහාර ලබා ගැනීමට දුම්බර බන්ධනාගාරයෙන් අද(22) දිනයේදී අවසර හිමි වනු ඇතැයි වාර්තා වේ.

මේ අතර, දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව චෝදනා 9ක් යටතේ අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව වාර්තා වේ.

ඒ චෝදනා අතර වැලිගම ප්‍රදේශයේ W 15 හෝටලයට ගිනි අවියකින් වෙඩි තබා අනර්ථයක් සිදු කිරීමත් ඒ සඳහා පොලීසියේ ප්‍රධානියා ලෙස පොලිස් නිලධාරින් 8ක් නීතිවිරෝධි රැස්වීමක සාමාජිකයන් ලෙස යොදා ගැනීමත් ඇතුළත්ව ඇත.

ඊට අමතරව රාජකාරි කටයුත්තක් නොවන පෞද්ගලික අභිමතාර්ථයක් ලෙස සාපරාධි බියගැන්වීම සඳහා පොලිස් නිලධාරින් පිරිසක් සමඟ කුමන්ත්‍රණය කිරීම සහ බොරු සාක්ෂි ගෙතීම ඇතුළු චෝදනා ද අන්තර්ගතය.

තෙන්නකෝන් මහතා අප්‍රේල් 03 වැනිදා දක්වා බන්ධනාගාර ගතකර සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT