ගම්පහ සියනෑ තරුණ ක්‍රීඩා සමාජය සංවිධාන කරන ජේ.ජී. ජිනදාස අනුස්මරණ කුසලාන ආරාධිත වොලිබෝල් තරගාවලිය හෙට (22) සහ අනිද්දා (23) දෙදින ගම්පහ සියනෑ වොලිබෝල් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය. ගම්පහ ඉසුරු කේටර්ස් සහ ලෙපර්ඩ්ස් ආයතනවල අනුග්රහයෙන් පැවැත්වෙන මේ තරගාවලියට ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් හමුදාව, ඕෂන් ලංකා, පොලීසිය, ලංකා විදුලිබල මණ්ඩලය, නාවික හමුදාව, තරුණ සේවා සභාව, යුද හමුදාව යන කණ්ඩායම් ආරාධිත වොලිබෝල් කණ්ඩායම් ලෙස සහභාගී වේ.
මේ තරගාවලියේ ශූරතාව සඳහා කුසලානය සමඟ මුදලින් රුපියල් 150,000ක් ද අනුශූරතාව සඳහා කුසලානය සමඟ මුදලින් රුපියල් 100,000ක් ද පිරිනැමෙන අතර, තෙවැනි සහ සිවුවැනි ස්ථාන සඳහා පිළිවෙළින් රුපියල් 75,000ක් සහ 50,000ක් පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති. තවද දක්ෂතම ක්රීඩකයන් 6 දෙනකුට මුදලින් රුපියල් 5000 බැගින් ප්රදානය කිරීමට ද නියමිතය.