Home » ආර­ක්ෂක සේවා පැර­ෂුට් ශූර­තා­ව­ලි­යේදී ගුවන් හමු­දා­වෙන් විශිෂ්ට දස්කම්

ආර­ක්ෂක සේවා පැර­ෂුට් ශූර­තා­ව­ලි­යේදී ගුවන් හමු­දා­වෙන් විශිෂ්ට දස්කම්

by Gayan Abeykoon
March 21, 2025 4:02 pm 0 comment

දහ­තු­න්වැනි ආර­ක්ෂක සේවා පැර­ෂුට් ශූර­තා­ව­ලි­යේදී විශිෂ්ට දස්කම් දැක්වී­මට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ සමත් වූහ.

අම්පාර ගුවන් හමුදා පැර­ෂුට් පුහුණු පාසලේ පැවති තර­ගා­ව­ලි­යේදී ක්‍රීඩ­ක­යන්ගේ නිවැ­රදි පතිත කිරීම් (Accuracy), කණ්ඩා­යම් ක්‍රියා­කා­රි­ත්වය සහ ගුව­නේදී දක්වන සුවි­ශේෂි දක්ෂතා මෙහිදී පරීක්ෂා කරන ලදි. ඒ අනුව තර­ගා­ව­ලියේ සම ශූරතා දිනා ගැනී­මට ශ්‍රී ලංකා ගුවන් හමු­දාව සහ ශ්‍රී ලංකා යුද හමු­දාව සමත් විය.

ගුවන් හමුදා කණ්ඩා­යම Skydiving රන් පද­ක්කම, Accuracy ඉසව්වේ රිදී පද­ක්කම දිනා­ගත් අතර, කේවල අංශ­යේදී ගුවන් හමු­දාවේ කෝප්‍රල් දර්ශන වික්‍ර­ම­රත්න Accuracy ඉසව්වේ රිදී පද­ක්කම සහ ස්කොඩ්‍රන් ලීඩ් විදු­රංග බණ්ඩාර ලෝකඩ පද­ක්කම දිනා ගත්හ. එහි කාන්තා ඉස­ව්වේදී නායක ගුවන් කාන්තා හංසිකා මධු­භා­ෂිනී රන් පද­ක්කම, නායක ගුවන් කාන්තා මාධවී අම­ර­සිංහ රිදී පද­ක්කම සහ කෝප්‍රල් සුද­ර්ශනී උද­ය­කු­මාරි ලෝකඩ පද­ක්කම දිනා ගත්හ.

තර­ගා­ව­ලියේ ජය සංකේත ප්‍රදා­නය ශ්‍රී ලංකා නාවික හමු­දාවේ අධ්‍යක්ෂ ජන­රාල් පුහුණු, රියර් අද්මි­රාල් ධම්මික විජේ­ව­ර්ධන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්විණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT