Home » ප්‍රවී­ණ­යන්ගේ මලල ක්‍රීඩා ශූර­තාව ගම්ප­හට

ප්‍රවී­ණ­යන්ගේ මලල ක්‍රීඩා ශූර­තාව ගම්ප­හට

by Gayan Abeykoon
March 21, 2025 4:09 pm 0 comment

ගම්පහ දිස්ත්‍රික් ප්‍රවී­ණ­යන්ගේ මලල ක්‍රීඩා සංග­මය මඟින් සංවි­ධාන කළ 7 වැනි ප්‍රවී­ණ­යන්ගේ සමස්ත ලංකා මලල ක්‍රීඩා තර­ගා­ව­ලිය සමස්ත ශූර­තාව දිනා ගැනී­මට සත්කා­රක ගම්පහ දිස්ත්‍රික් කණ්ඩා­යම සමත් විය.

වතු­පි­ටි­වල ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ගා­ව­ලි­යේදී ගම්පහ දිස්ත්‍රික් පිල ලකුණු 543ක් ලබා­ගත් අතර, ලකුණු 410ක් සමඟ සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව අනු­ශූ­ර­තාව දිනා ගත්තේය.

තර­ගා­ව­ලියේ දක්ෂ­තම ක්‍රීඩ­කයා ලෙස දුර පැනීමේ ඉස­ව්වෙන් මීටර් 6.27ක් සට­හන් කළ කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ ශිරෝන් විජේ­සිංහ සම්මාන දිනා­ගත් අතර, එම ඉස­ව්වෙන්ම මීටර් 4.71ක දක්ෂ­තා­වක් දැක්වූ ගම්පහ දිස්ත්‍රි­ක්කයේ හර්ෂණී ජය­කාන්ති දක්ෂ­තම ක්‍රීඩි­කාව ලෙස සම්මාන දිනා ගත්තාය.

තර­ගා­ව­ලියේ සමස්ත පිරිමි ශූර­තාව ලකුණු 342ක් දිනා­ගත් ගම්පහ දිස්ත්‍රික් පිරිමි කණ්ඩා­යම දිනා­ගත් අතර, කාන්තා ශූර­තාව සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේන්තු කාන්තා කණ්ඩා­යම (211) සතු­විය.

තර­ගා­ව­ලියේ ජය සංකේත ප්‍රදා­නය චාන්ස් ස්පෝට්හි කළ­ම­නා­කරු ලසන්ත අම­ර­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්විණි.

මේ තර­ගා­ව­ලි­යේදී ටී.ජී.ආර්.එම්.එස්. නිර­න්ජන් (කොළඹ), ශිරෝන් විජේ­සිංහ (කෑගල්ල), එස්.ඒ.ඒ. ප්‍රනාන්දු (ගම්පහ), උදිත කුමාර (කොළඹ), මෙරිල් පෙරේරා (එයා­ර්පෝට් ඇන්ඩ් එවි­යේ­ශන්), බී.සී. ලිවේරා (කොළඹ), ඩබ්ලිව්.එම්. ආරි­ය­සේන (ගම්පහ), ජී.ටී.බී. ද එස්. ගුණ­ව­ර්ධන (කළු­තර), වයි.එම්. ජය­ති­ලක (ගම්පහ), එම්.බී. හේරත් (මහ­නු­වර), සහ උපාලි සෙනෙ­වි­රත්න (කෑගල්ල) පිරිමි කාණ්ඩ­යෙන් ද, ඒ.ඩී. ප්‍රේම­ති­ලකා (ගම්පහ), හර්ෂණී ජය­කාන්ත (ගම්පහ), ජේ.ඒ.ඒ. එස්. ජය­සූ­රිය (ගම්පහ), කේ.එම්.ටී.කේ. බණ්ඩාර (ක්‍රිස්ටල් මාර්ටින්), පී.කේ.එස්. මානෙල් (හම්බ­න්තොට), ඩී.වී.ඩී. ගීතාං­ජලී (ගාල්ල), කේ.එච්. උදු­ල­වතී (ගාල්ල), සී.ජේ. යට­වර (කොළඹ) සහ එල්.පී. රණ­වීර (කෑගල්ල) කාන්තා කාණ්ඩ­යෙන් ද වයස් සීමා­වල දක්ෂ­තම ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් ලෙස සම්මාන ලැබූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT