Home » ලෝක මුයි තායි ශූර­තා­ව­ලි­යේදී පද­ක්කම් දිනා එයි

ලෝක මුයි තායි ශූර­තා­ව­ලි­යේදී පද­ක්කම් දිනා එයි

by Gayan Abeykoon
March 21, 2025 4:05 pm 0 comment

කටු­නා­යක - ටී.කේ.ජී. කපිල

තායි­ල­න්තයේ පැවති 20 වැනි ලෝක මුයි තායි ශූර­තා­ව­ලි­යේදී පද­ක්කම් 7ක් දිනා ගැනී­මට ශ්‍රී ලංකා කණ්ඩා­යම සමත් විය.

ඊට රන් පද­ක්කම් 2ක්, රිදී පද­ක්කම් 3ක් සහ ලෝකඩ පද­ක්කම් 2ක් ඇතු­ළත් වූ අතර, සෙහස් අකීස සහ තරින්ද දසු­න්ප්‍රිය රන් පද­ක්කම් දිනා ගත්හ.

කිලෝ­ග්‍රෑම් 37 බර පන්ති­ය­යෙන් අවු­රුදු 10 – 11 කාණ්ඩ­යෙන් සෙහස් අකීස තරග කළ අතර, ඔහු තව­මත් 6 ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන පාසල් සිසු­වෙකි. කිලෝ­ග්‍රෑම් 54 බර පන්තිය යටතේ විවෘත අංශ­යෙන් තරග කළ තරින්ද දසු­න්ප්‍රිය රන් පද­ක්කම් දිනා ගැනී­මට සමත් වී තිබුණි. ඔහු කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යට අනු­බ­ද්ධිත සෞන්දර්ය සහ ප්‍රාසාං­ගික කලා විශ්ව­වි­ද්‍යා­ල­යයේ උපාධි අපේ­ක්ෂ­ක­යෙකි.

ලෝක මුයි තායි සම්මේ­ල­නය විසින් සංවි­ධාන කළ මේ තර­ගා­ව­ලිය පසු­ගි­යදා තායි­ල­න්තයේ බැංකොක් නුවර නිමි­නුත් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවති අතර, ඊට රට­වල් 42ක මුයි තායි ක්‍රීඩ­ක­යන් එක්වූහ.

ශ්‍රී ලංකා මුයි තායි කණ්ඩා­යම පෙරේදා රාත්‍රීයේ කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළෙන් යළි මෙර­ටට පැමිණි අතර, ඔවුන් පිළි­ගැ­නී­මට මේ ක්‍රීඩ­ක­යන්ගේ මවු­පි­යන් ඇතුළු පිරි­සක් පැමිණ සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT