Home » ජගත් ක්‍රිකට් පිටි­යට දෙම­සක් විවේ­කදී අයි­පී­එල් සටන හෙට ඇරඹේ
තරග 74ක් දින 65ක්

ජගත් ක්‍රිකට් පිටි­යට දෙම­සක් විවේ­කදී අයි­පී­එල් සටන හෙට ඇරඹේ

by Gayan Abeykoon
March 21, 2025 4:12 pm 0 comment

නිරෝ­ෂාන් ප්රියං­කර

ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටි­යට මාස දෙකක විවේ­ක­ය­කදී 18 වැනි ඉන්දීය ප්‍රිමි­යර් ලීග් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය හෙට (22) කොල්ක­ටාහි ඊඩ්න් ගාඩ්න්ස් පිටි­යේදී ආරම්භ වේ.

තරග 74කින් සම­න්විත මෙවර අයි­පී­එල් තාර­ගා­ව­ලිය දින 65ක් පුරා ක්‍රියා­ත්මක වන අතර, මැයි මස 25 වැනිදා නිමා­වී­මට නිය­මි­තය.

අයි­පී­එල් තර­ගා­ව­ලිය නිසා අයි­සීසී ඉහළ පෙළේ රට­වල් අතර ද්විපා­ර්ශ්වික තර­ගා­වලි නොපැ­වැ­ත්වෙන අතර, මේ දින­වල පැවැ­ත්වෙන්නේ නව­සී­ලන්ත – පාකි­ස්තාන තර­ගා­ව­ලිය පමණි. එය ලබන මස 5 වැනිදා නිමා වන අතර, යළි ප්‍රධාන රට­වල් දෙකක් අතර තර­ගා­ව­ලි­යක් පැවැ­ත්වෙන්නේ මැයි මස අග­දීය. ඒ අත­ර­තුර සිම්බාබ්වේ – බංග්ලා­දේශ (අප්‍රේල් 20 – 28) ටෙස්ට් තර­ගා­ව­ලි­යක් පම­ණක් පැවැ­ත්වී­මට නිය­මි­තය.

කණ්ඩා­යම් 10ක් එක්වන තර­ගා­ව­ලිය ක්‍රීඩාං­ගණ 13කදී පැවැ­ත්වෙන අතර, දින 9කදී දිවා සහ දිවා රාත්‍රී ලෙස තරග දෙක බැඟින් පැවැ­ත්වී­මට ද සැල­සුම් කර තිබේ.

තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් වත්මන් ශූර කොල්කටා නයිට් රයි­ඩර්ස් පිල සහ රාජ­ස්ථාන් රෝයල්ස් බැංග­ලෝර් පිල හෙට (22) රාත්‍රී 7.30ට තරග බිමට පිවි­සෙයි. අනිද්දා (23) සන්ර­යි­සස් හයි­ද්‍රා­බාද් පිල සහ රාජ­ස්ථාන් රෝයල්ස් පිල පස්වරු 3.30ටත්, රාත්‍රී 7.30ට චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දි­යන්ස් අතර තර­ග­යත් පැවැ­ත්වී­මට නිය­මි­තය.

මූලික වටයේ තරග මැයි මස 18 වැනිදා දක්වා පැවැ­ත්වෙන අතර, මැයි 20 අව­සන් තර­ග­යට සුදු­සු­කම් ලැබීමේ පළමු තර­ග­යත් (Qualifier 1), මැයි 21 වැනිදා පරා­ජි­ත­යන් ඉවත් කිරීමේ හෙවත් ප්‍රසාද ලකුණු සට­හනේ තෙවැනි සහ සිවු­වැනි ස්ථාන අතර තර­ග­යත් (Eliminator) පැවැ­ත්වෙන අතර, 23 වැනිදා සුදු­සු­කම් ලැබීමේ දෙවැනි තර­ග­යත් (Qualifier 2) පැවැත්වේ. මැයි 25 වැනිදා ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාං­ග­ණ­යේ­දීම අව­සන් මහ තර­ගය පැවැ­ත්වී­මට නිය­මි­තය.

මෙවර තර­ගා­ව­ලියේ ශූර­යන්ට අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 2.32ක මුද­ලක් හිමි­වන අතර, අනු­ශූ­ර­යන්ට මිලි­යන 1.5ක්, තෙවැනි ස්ථාන­යට ඩොලර් 810,800ක් සහ සිවු­වැනි ස්ථාන­යට ඩොලර් 752,894ක් හිමි වෙයි.

ඉන්දීය ක්‍රීඩ­ක­යන් 9 දෙනකු මෙවර තර­ගා­ව­ලි­යේදී කණ්ඩා­යම් 9ක් මෙහෙ­ය­වන අතර, එකම විදේ­ශීය නාය­කයා වන්නේ පැට් කමින්ස්ය. ඔහු සන්ර­යි­සස් හයි­ද්‍රා­බාද් කණ්ඩා­යම මෙහෙ­ය­වයි. හර්දික් පාණ්ඩ්‍යා (මුම්බායි ඉන්දි­යන්ස්), රුටු­රාජ් ගයි­ක්වාඩ් (චෙන්නායි සුපර් කිංග්ස්), රිෂාබ් පාන්ට් (ලක්නව් සුපර් ජයන්ට්ස්), සංජු සැම්සන් (රාජ­ස්ථාන් රෝයල්ස්), රජත් පටි­දාර් (රාජ­ස්ථාන් රෝයල්ස් බැංග­ලෝර්), අක්ෂාර් පටෙල් (දිල්ලි කැපි­ටල්ස්), ශ්‍රේයාස් අයි­යර් (පන්ජාබ් කිංග්ස්), අජින්ක්‍යා රහානේ (කොල්කටා නයිට් රයි­ඩර්ස්) සහ ශුබ්මන් ගිල් (ගුජ­රාට් ජයන්ට්ස්) කණ්ඩා­ය­ම්ව­ලට නාය­ක­ත්වය දෙති.

මෙවර තර­ගා­ව­ලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩ­ක­යන් 8 දෙනකු එක්ව සිටින අතර, ඒ අනුව මතීෂ පති­රණ (චෙන්නායි සුපර් කිංග්ස්), වනිඳු හස­රංග සහ මහීෂ් තීක්ෂණ (රාජ­ස්ථාන් රෝයල්), නුවන් තුෂාර (රෝයල් චැලෙ­න්ජර්ස් බැංග­ලෝර්), කමිඳු මෙන්ඩිස් සහ ඒෂාන් මාලිංග (සන්ර­යි­සස් හයි­ද්‍රා­බාද්), දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර (දිල්ලි කැපි­ටල්ස්) ක්‍රීඩා කරති.

මේ අතර මෙවර තර­ගා­ව­ලි­යේදී නව නීති දෙකක් ක්‍රියා­ත්මක කිරී­මට ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩ­ලය කට­යුතු කර තිබේ. ඒ අනුව පන්දුවේ ඛේටය තැව­රීමේ තහ­නම ඉවත් කිරීම සහ දෙවැනි ඉනිම සඳහා දෙවැනි පන්දු­වක් හඳු­න්වා­දීම සිදු කර ඇත.

කොරෝනා වසං­ග­තය අත­ර­තුර පන්දු ඔප දැමීම සඳහා ඛේටය තැව­රීම තහ­නම් කිරී­මට ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය කට­යුතු කළ අතර, එය 2022දී ස්ථිර විය. අයි­පී­එල් තරග සඳහා එම නීතිය ක්‍රියා­ත්මක විය.

නව පන්දු­වක් භාවිත කිරීමේ නීතිය ක්‍රියා­ත්මක වන්නේ දෙවැනි ඉනිමේ 11 වැනි ඕව­ර­යෙන් පසු­වය. මේ මඟින් රාත්‍රී කාලයේ තර­ග­ව­ලට පින්නෙන් වන බල­පෑම අවම කිරීම බලා­පො­රො­ත්තුව වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT