Home » එන්එ­ස්එල් සිවු­දින ක්‍රිකට් කමි­ල්ගෙන් ශතක පිට ශතක, අකිල ගාලු ඉනිම බිඳ දමයි

එන්එ­ස්එල් සිවු­දින ක්‍රිකට් කමි­ල්ගෙන් ශතක පිට ශතක, අකිල ගාලු ඉනිම බිඳ දමයි

by Gayan Abeykoon
March 21, 2025 4:15 pm 0 comment

නිරෝ­ෂාන් ප්රියං­කර
ඕෂද ප්‍රනාන්දු

සිය හොඳම පළමු පෙළ ඉනිම ක්‍රීඩා කර­මින් කමිල් මිෂාර පිට පිට රැස් කළ දෙවැනි ශත­කය හේතු­වෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සංවි­ධාන කරන නැෂ­නල් සුපර් ලීග් (එන්එ­ස්එල්) සිවු­දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ ඊයේ කොළඹ පිලට එරෙ­හිව හම්බ­න්තො­ටදී ආරම්භ වූ තර­ගයේ පළමු දිනයේ වැඩි ගෞරව අත්කර ගැනී­මට මහ­නු­වර කණ්ඩා­යම සමත් විය.

පසු­ගිය සතියේ ආරම්භ වූ මේ තර­ගා­ව­ලියේ පළමු තර­ග­යේදී ගාල්ල කණ්ඩා­ය­මට එරෙ­හිව සිය පළමු පෙළ හොඳම ඉනිම ක්‍රීඩා කළ කමිල් නොදැවී

කමිල් මිෂාර

කමිල් මිෂාර

ලකුණු 158ක් රැස් කළ අතර, ඔහු ඊයේ එම ඉනිම තවත් ඉදි­රි­යට ගෙන ගියේ ලකුණු 172ක් ලෙසිනි.

කමිල්ට අනගි සහා­යක් දුන් ජනිෂ්ක පෙරේරා සහ නායක සහන් ආර­ච්චිගේ ශතක සබ­ඳතා දෙකක් ද පිහි­ටු­වීය.

කමිල් සමඟ ඉනිම ඇරඹූ පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී යෑමෙන් පසු කමිල්ට එක්වූ ජනිෂ්ක මුළු ලකුණු සංඛ්‍යාව 107 දක්වා ඉදි­රි­යට ගෙන ගිය අතර, ලකුණු 48ක් ලබා සිටි­යදී ජනි­ෂ්කගේ ඉනිම නිමා විය.

අන­තු­රුව නුව­නිඳු ප්‍රනාන්දු කමිල් සමඟ එක්ව ලකුණු 96ක් එක් කර­මින් සිටි­යදී ලකුණු 45කට දැවී ගියේය. මුළු ලකුණු 203දී තෙවැනි කඩුල්ල අහි­මි­වී­මෙන් පසු පිටි­යට පිවිසි සහන් ආර­ච්චිගේ ලකුණු 128ක සබ­ඳ­තා­වක් ගොඩ­නැඟූ අතර, දුෂාන් හේම­න්තගේ පන්දු­වක් කෙළින්ම කඩුල්ලේ වැදී­මෙන් කමිල් දැවී යෑමෙන් එම සබ­ඳ­තාව නිමා විය. පන්දු 217කට මුහු­ණ­දුන් කමිල් හතරේ පහර 18කින් සහ හයේ පහර 2කින් ඉනිම වර්ණ­වත් කර ගත්තේය. සහන් ලකුණු 68ක් රැස් කළ අතර, දිනය නිමා වන විට සොහාන් ඩී. ලිවේරා ලකුණු 19ක් සහ චමිඳු වික්‍ර­ම­සිංහ ‍ ලකුණු 15ක් රැස් කර­මින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි­යහ.

අකිල ධනං­ජය

අකිල ධනං­ජය

මේ අතර ගාලු පිටි­යේදී ගාලු ඉනිම ලකුණු 267කට සීමා කිරී­මට අකිල ධනං­ජ­යට හැකි විය. විශිෂ්ට පන්දු යැවී­මක නිර­තවූ ඔහු මෙවර තර­ගා­ව­ලියේ ඉනි­මක වාර්තාවූ හොඳම පන්දු යැවීම සට­හන් කළේ ලකුණු 83කට කඩුලු 7ක් බිඳ දම­මිනි. මේ හේතු­වෙන් ගාලු පළමු ඉනිම ලකුණු 267කට සීමා විය. කෙසේ වෙතත් ඉනි­මට සාර්ථක ආර­ම්භ­යක් දුන් ඕෂද ප්‍රනාන්දු ලකුණු 100ක් රැස් කළේ පන්දු 163කදී හතරේ පහර 8ක් සහ හයේ පහ­රක් සම­ඟිනි. ඔහු දිනේෂ් චන්දි­මාල් සමඟ එක්ව දෙවැනි කඩු­ල්ලට ලකුණු 154ක් රැස් කළ අතර, චන්දි­මාල් ලකුණු 74ක් රැස් කළේය.

ඊයේ පළමු දින­යට තර­ගය නතර කරන විට පිළි­තුරු ඉනිම ක්‍රීඩා කරන දඹුලු ක්‍රීඩ­කයෝ ඕවර 9කදී කිසි­වකු නොදැවී ලකුණු 38ක් රැස් කර තිබිණි.

මහ­නු­වර – කොළඹ 

මහ­නු­වර පළමු ඉනිම – 382/5 (ඕවර 90) කමිල් මිෂාර 172, සහන් ආර­ච්චිගේ 68, ජනිෂ්ක පෙරේරා 48, නුව­නිඳු ප්‍රනාන්දු 45 (දුෂාන් හේමන්ත 62/2)

ගාල්ල – දඹුල්ල 

ගාලු පළමු ඉනිම – 267 (ඕවර 74) ඕෂද ප්‍රනාන්දු 100, දිනේෂ් චන්දි­මාල් 73 (අකිල ධනං­ජය 83/7, අසිත ප්‍රනාන්දු 37/2)

දඹුලු පළමු ඉනිම – කිසි­වකු නොදැවී 38 (ඕවර 9)

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT