Home » ජාතික කොට්ට පොර ශූර­තා­ව­ලිය ලබන මස අගදී

ජාතික කොට්ට පොර ශූර­තා­ව­ලිය ලබන මස අගදී

by Gayan Abeykoon
March 21, 2025 4:13 pm 0 comment

ජන ක්‍රීඩා සම්මේ­ල­නය (Ethnosport Federation) කොට්ට පොර සංව­ර්ධන කමි­ටුව එක්ව සංවි­ධාන කරන 2 වැනි ජාතික කොට්ට පොර ශූර­තා­ව­ලිය ලබන මස අග­භා­ග­යේදී පැව­ත්වී­මට සැල­සුම් කර තිබේ.

පිරිමි සහ කාන්තා කාණ්ඩ දෙකෙන් පැවැ­ත්වෙන තර­ගා­ව­ලි­යේදී පිරිමි ඉසව්ව කිලෝ­ග්‍රෑම් 50, 60, 70, 80, 90ට අඩු සහ 90ට වැඩි බර පන්ති යටතේ ද, කාන්තා තරග කිලෝ­ග්‍රෑම් 55 සහ 70ට අඩු හා 70ට වැඩි ලෙස බර පන්ති 3ක් යට­තේත්, පිරිමි/කාන්තා විවෘත සහ මිශ්‍ර කණ්ඩා­යම් ලෙසත් තරග පැවැත්වේ.

සෑම බර පන්ති­ය­කම මුල් ස්ථාන 3 සඳහා පද­ක්කම් පිරි­නැ­මෙන අතර, දක්ෂ­තම කණ්ඩා­යම සහ විවෘත තර­ගා­ව­ලියේ මුල් ස්ථාන 3 වෙනු­වෙන් පද­ක්කම් සමඟ මුදල් ත්‍යාග පිරි­නැ­මෙන බව ද සංවි­ධා­ය­කයෝ පව­සති.

සහ­භාගි වන සැමට සහ­තික පතක් පිරි­නැ­මී­මට කට­යුතු කර තිබේ.

මිශ්‍ර කණ්ඩා­ය­මක් සඳහා ක්‍රීඩ­ක­යන් දෙදෙ­නකු සහ ක්‍රීඩි­කා­වක් ඇතු­ළත් විය යුතු අතර, අති­රේක ක්‍රීඩ­ක­යෙක් ද නම් කළ හැකිය.

එක් තරග වට­යක් විනාඩි දෙකක් පැවැ­ත්වෙන අතර, සම­බ­ර­තාව ගිලිහි නොවැ­ටු­ණ­හොත්, වැඩි පහ­ර­දීම් ඇති තාක්ෂ­ණික ක්‍රීඩ­ක­යාට ජය හිමි වේ. එක් ක්‍රීඩා සමා­ජ­ය­කින් කණ්ඩා­යම් කිහි­ප­යක් අය­දුම් කළ හැකිය.

තම අය­දු­ම්පත් තැපැල් මඟින් අප්‍රේල් මස 6 වැනි දිනට පෙර එත්නෝ ක්‍රීඩා සම්මේ­ල­නය, අංක 91, ‘ජන නැඟුම’ මොරො­න්තු­ඩුව හන්දිය, මොරො­න්තු­ඩුව, වාද්දුව ලිපි­න­යට යොමු කළ යුතුය. වැඩි විස්තර උදිත පීරිස් 0785167721/ 0717694433 වට්ස්ඇප් මඟින් ලබා­ගත හැකිය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT