මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ 2023 සහ 2024 ක්‍රිකට් ක්‍රීඩාවෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් 220 දෙනකු සඳහා සම්මාන පිරිනැමීම පසුගියදා සිදුවිය.
විද්‍යාර්ථ විදුහලින් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වන නිහාල් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ උත්සවයේදී ක්‍රිකට් වර්ණ, සම්මාන හා ත්‍යාග ප්රදානය කරමින් ක්‍රීඩකයන් ඇගයීමට පාසල් පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි. පසුගිය වර්ෂයේදී අවුරුදු 17න් පහළ අන්තර් පාසල් අර්ධ අවසන් පූර්ව වටය දක්වා තරග වැදුණු කණ්ඩායම හා එම වර්ෂයේම මධ්‍යම පළාතේ දක්ෂතම පාසල් ක්‍රිකට් කණ්ඩායම ලෙස තේරී පත්වූ අවුරුදු 19න් පහළ කණ්ඩායමත් මෙහිදී විශේෂ ඇගයීම් සම්මානයට ලක්විය.
සෙවන් මෝසෙස්, ධනුප කොඩිකාර හා ආදිත්‍ය කලල්පිටිය විද්‍යාර්ථ ක්‍රිකට් වර්ණ ලැබූහ. මේ සම්මාන උලෙළ සඳහා ආදි විද්‍යාර්ථ ක්‍රිකට් නායකයන් 20 දෙනකු සහභාගි වූ අතර, විද්‍යාර්ථ මවුපිය ක්‍රිකට් සංගමය විසින් මෙය සංවිධාන කරනු ලැබීය. විද්‍යාර්ථ විදුහල්පති එම්.අර්.පී. මායාදුන්නේ මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.