Home » නික­වැ­ර­ටිය මහ­සෙන් ජාතික පාසලේ පිහි­නුම් තටාක ප්‍රේක්ෂ­කා­ගා­රයේ වහ­ලය නෑ

නික­වැ­ර­ටිය මහ­සෙන් ජාතික පාසලේ පිහි­නුම් තටාක ප්‍රේක්ෂ­කා­ගා­රයේ වහ­ලය නෑ

by Gayan Abeykoon
March 21, 2025 4:00 pm 0 comment

නික­වැ­ර­ටිය සමූහ - ගයන්දි පමෝධා

නික­වැ­ර­ටිය මහ­සෙන් ජාතික පාසල් පිහි­නුම් තටාක ප්‍රේක්ෂ­කා­ගා­රයේ වහ­ලය ගැලවී යාම සහ අසුන් ගැනීමේ පහ­සු­කම් නොමැති වීමෙන් එහි රැඳී සිටින පිරිස් දැඩි අප­හ­සු­තා­වට ලක්ව ඇති බව ජන­තාව පව­සති.

පාසල් දරු­වන් මීට පෙර මාගල්ල ජලා­ශයේ පිහි­නුම් පුහු­ණු­වීම් සිදු කර­මින් සිටින අව­ස්ථා­වක, කොළඹ පාසල් දරු­වන්ට හිමි පහ­සු­කම් ගමේ දරු­ව­න්ටද ලබා දෙමින් මීට වසර කිහි­ප­ය­කට පෙර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මහ­සෙන් ජාතික පාස­ලට මෙය ලබා දී ඇත.

පිහි­නුම් තටාක ප්‍රේක්ෂ­කා­ගා­රයේ වහ­ලය ගැලවී ගොස් දිගු කලක් ගතව ගියද, මේ දක්වා එය ප්‍රති­සං­ස්ක­ර­ණය කර නොමැති බවද, අසුන් ගැනී­ම­ටද කොන්ක්‍රීට් බංකු හෝ නොමැති බවද, මෙම තත්ත්ව­යන් යථා තත්ත්ව­යට පත් කිරී­මට පිය­වර ගන්නා ලෙසද ජන­තාව බල­ධා­රීන්ට අව­ධා­ර­ණය කර සිටිති.

නික­වැ­ර­ටිය අධ්‍යා­පන කොට්ඨා­සයේ දරු­වන්ට හිමි වී ඇති මෙම වටිනා සම්පත සුර­ක්ෂිත කර ගැනී­මට පිය­වර ගත යුතු බවද ජන­තාව පවසා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT