Wednesday, March 26, 2025
Home » මොන­රා­ගල හරක් නිදැල්ලේ යවන අයට වැඩ වරදී

මොන­රා­ගල හරක් නිදැල්ලේ යවන අයට වැඩ වරදී

by Gayan Abeykoon
March 21, 2025 4:01 pm 0 comment

ඌව වෙල්ලස්ස විශේෂ - ඩී.එස්. ගුණ­ති­ලක

මොන­රා­ගල නග­රය සහ අවට මාර්ග­වල නිදැල්ලේ සැරි­ස­රන ගව­යින් නිසා වාහන හිමි­යන්ට, ඉඩම් හිමි­යන්ට සහ පදි­ක­යින්ට විවිධ දුෂ්ක­ර­තා­වන් සිදුවේ. ගව­යින් පාර හරහා පැනී­මෙන් නිතර වාහ­න­ව­ලට අන­තුරු සිදු­වන අතර නග­රයේ පදික වේදි­කාවේ ගමන් කරන අයට මෙන්ම ඉඩම් හිමි­යන්ගේ වගා­ව­ල­ටද හානි පැමිණේ.

ඊට පිළි­ය­මක් වශ­යෙන් නිදැල්ලේ හැසි­රෙන ගව­යින් ඇල්ලීමේ වැඩ­ස­ට­හ­නක් දිය­ත්කර එසේ අල්ලා­ගන්නා ගව­යින් හිමි­ක­රු­වන් පැමි­ණි­ය­හොත් වන්දි මුද­ලක් ලබා­ගෙන නිද­හස් කිරී­ම­ටත් අයි­ති­ක­රු­වන් දින දහ­යක් තුළ ඉදි­රි­පත් නොවු­ණ­හොත් වෙන්දේසි කිරී­මට පිය­වර ගන්නා බවත් අල්ලන ලද ගව­යින් පැරැණි ප්‍රජා­ශාලා භූමියේ ගාල්කර අවශ්‍ය ආහාර ලබා­දෙන බවත් මොන­රා­ගල ප්‍රාදේ­ශීය සභාවේ ලේකම් යූ. සෝම­ලතා පෙරේරා මහ­ත්මිය පැව­සු­වාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT