Home » ඉකෝ­බිට් සංක­ල්පය ඌරු­බොක්කේ කඩ­ව­ලින් අර­ඹයි

ඉකෝ­බිට් සංක­ල්පය ඌරු­බොක්කේ කඩ­ව­ලින් අර­ඹයි

by Gayan Abeykoon
March 21, 2025 4:01 pm 0 comment

ඌරු­බොක්ක විශේෂ - ඒ.පී. දයා­චන්ද්ර

පස්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කාර්යා­ලය මඟින් ඉකෝ­බිට් සංක­ල්පය ඌරු­බොක්ක ප්‍රදේ­ශයේ වෙ‍ෙළ­ඳ­ස­ල්ව­ලට නියමු ව්‍යාපෘ­ති­යක් ලෙස හඳුන්වා දී ඇත. ඉකෝ­බිට් සංක­ල්පය හඳු­න්වා­දෙ­මින් ව්‍යාපා­රි­ක­යන් දැනු­ම්වත් කරනු ලැබුවේ ඌරු­බොක්ක මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක කේ.ජී.ඒ. ජිනේන්ද්‍ර මහතා විසිනි. මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක කේ.ඒ.ජී. ජිනේන්ද්‍ර මහතා පසු­ගිය දින­වල අප කළ වැඩ­ස­ට­හ­න්ව­ලදී අපි දැක්ක දෙයක් තමයි පොලි­තීන්, ප්ලාස්ටික් විශාල ප්‍රමා­ණ­යක් පරි­ස­ර­යට මුදා හැර තිබීම. එයට විස­ඳු­මක් ලෙස ඉකෝ­බිට් සංක­ල්පය වෙළෙ­ඳ­ස­ල්ව­ලට හඳුන්වා දී ඒ තුළින් ඉවත දමන ප්ලාස්ටික් බෝතල් තුළට ඔබගේ ව්‍යාපා­රයේ ඉවත දමන ලන්ච් ෂීට්, ගොසරි බෑග්, ෂොපින් බෑග්, පොලි­තීන්, ටොපි කොළ, බිස්කට් ඇසු­රුම් වැනි දේවල් ප්ලාස්ටික් බෝතල් තුළට දැමිය යුතුය. බෝත­ලය පිරුණු පසු පියන වසා එම බෝත­ලය එළ­වළු, මල් වැනි වගා­වන් සිදු කිරී­මේදී පාත්ති සකස් කිරී­මට මෙන්ම නි‍ෙවස අලං­කාර කර ගැනී­මට යොදා ගත හැකිය. ලොකු ප්ලාස්ටික් බෝත­ල­ය­කට විශාල පොලි­තීන් ප්‍රමා­ණ­යක් දැමිය හැකිය.  ඌරු­බොක්ක ප්‍රදේ­ශයේ වෙළෙ­ඳ­ස­ල්වල අද සිට ඉකෝ­බිට් සංක­ල්පය ක්‍රියා­ත්මක කිරී­මට කට­යුතු කළ යුතු අතර මාස­ය­කින් පසු නැවත අපි සොයා බල­නවා. ඒ වන විට ඉකෝ­බිට් බෝතල දෙකක් එක් වෙළෙ­ඳ­ස­ලක තිබිය යුතුය. ඉකෝ­බිට් සංක­ල්පය වෙළෙ­ඳ­සල් තුළ මෙන්ම නිවෙ­ස්ව­ලත් ක්‍රියා­ත්මක කිරීම තුළින් පරි­ස­ර­යට මුදා හරින පොලි­තීන් හා ප්ලාස්ටික් ප්‍රමා­ණය අවම වනු ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT