Tuesday, March 25, 2025
Home » මුරු­ත­වෙල දකුණු ඉවුර ඇළ ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම ඇරඹේ

මුරු­ත­වෙල දකුණු ඉවුර ඇළ ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම ඇරඹේ

by Gayan Abeykoon
March 21, 2025 4:01 pm 0 comment

තංගල්ල සමූහ - පද්ම­සිරි ගාර්දි­ය­ව­සම්

වසර 55ක පමණ කාල­යක් තිස්සේ අබ­ලන්ව පව­තින මුරු­ත­වෙල ව්‍යාපා­රයේ දකුණු ඉවුර ඇළ ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීමේ වැඩ­ස­ට­හනේ සමා­ර­ම්භක උත්ස­වය පසු­ගි­යදා පැවැ­ත්විණි.  ක්ලීන් ශ්‍රී ලංකා වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ 125 සංව­ත්ස­රය නිමි­ත්තෙන් මෙම වාරි ප්‍රති­සං­ස්ක­රණ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කෙරේ. හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ ක්‍රියා­ත්මක කෙරෙන ප්‍රධා­න­තම සංව­ර්ධන ව්‍යාපෘ­තිය මුරු­ත­වෙල දකුණු ඇළ ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම බව වීර­කැ­ටිය වාරි­මාර්ග ඉංජි­නේරු කාර්යා­ලයේ ප්‍රකා­ශ­ක­යකු පැව­සීය.

මුරු­ත­වෙල ව්‍යාපා­රයේ දකුණු ඇළ දීර්ඝ කාල­යක් තිස්සේ ගස් කොළන් වැවී ඇළ ගොඩ වී අබ­ලන්ව පැව­තීම නිසා ඒ හරහා වාරි ජලය නිකුත් කිරී­මට නොහැ­කිවූ බවත් ජල හිඟ­ක­මින් යල කන්නයේ වී වගාව සිදු කිරී­මට නොහැ­කිව ගොවීන් දැඩි ලෙස අස­රණ වී සිටි බවත් මුරු­ත­වෙල දකුණු ඇළ ගොවි සංවි­ධා­නයේ නියෝ­ජි­ත­යකු පැව­සීය. මෙම ඇළ ප්‍රති­සං­ස්ක­ර­ණය කිරී­මෙන් පසු මුරු­ත­වෙල ජලා­ශයේ සිට කිරම ඔය ව්‍යාපා­රයේ හඹු­ම­ණ්ඩිය අමුණ දක්වා ජලය ගෙන යාමට හැකි වේ. එනිසා කිරම ඔය ව්‍යාපා­රයේ ජලය හිඟ­ය­ටද විස­ඳු­මක් ලැබේ. මෙම ඇළ පිළි­ස­කර කිරී­මෙන් මුරු­ත­වෙල දකුණු ඉවුරේ කුඹුරු අක්කර 1200ක පමණ ජල හිඟ­යෙන් තොරව වී වගා කළ හැකි අතර, එළ­වළු, පල­තුරු භෝග වගා­වන්ද සිදු කළ හැකි බව ගොවීහු පව­සති.

හම්බ­න්තොට දිස්ත්‍රික් වාරි­මාර්ග අධ්‍යක්ෂ එච්.ආර්.ඩබ්ලිව්.කේ. පේම­තුංග මහ­තාගේ උප­දෙස් අනුව වීර­කැ­ටිය ප්‍රාදේ­ශීය වාරි­මාර්ග ඉංජි­නේරු ගයාන් මාඳු­වා­වේ­ගොඩ මහතා ඇතුළු කාර්යාල මණ්ඩ­ලය මෙම වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කරති. වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ යන්ත්‍ර යොදවා ගොවි ජන­තා­වගේ සහ ප්‍රදේ­ශ­වා­සීන්ගේ සහාය ලබා පිළි­ස­කර කිරීම් අව­සන් කර වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ 125 සංව­ත්ස­රය යෙදෙන මැයි 15 වැනිදා පළමු දිය­වර නිකුත් කිරී­මට අපේක්ෂා කරන බව වීර­කැ­ටිය ප්‍රාදේ­ශීය වාරි­මාර්ග ඉංජි­නේරු ගයාන් මාඳු­වා­වේ­ගොඩ මහතා පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT