ජනතාව දැඩි භීතියෙන්
වගා බිම් රැසක් විනාශයි
බළන්ගොඩ, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හතරබාගේ ප්‍රදේශයට මේ දිනවල වනඅලි පැමිණීම හේතුවෙන් ජනතාව දැඩි බියට පත්ව සිටින බව හතරභාගේ ප්‍රදේශයේ පදිංචි ජනතාව පවසති.
හතරබාගේ සෞඛ්‍ය මධ්‍යස්ථානය අසලටම වනඅලි පැමිණ ජනතාව විසින් වගාකර ඇති පොල්, කෙසෙල්, පුවක්, ගම්මිරිස් ඇතුළු වගාවන් රැසක් විනාශ කර දමා තිබෙන බවද ජනතාව පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රී ඩබ්ලිව්.ඒ. සුමිත් වික්රමආරචිචි මහතා මෙසේ පැවසීය.
“හතරබාගේ කියන්නේ මීට පෙර කවදාවත් වනඅලි කරදර තිබුණු ගම්මානයක් නොවෙයි. ඒත් පසුගියදා අලුයම හතරභාගේ සෞඛ්‍ය මධ්‍යස්ථානය අසලටම වනඅලි ඇවිත් අපේ පොල්, කෙසෙල්, පුවක්, ගම්මිරිස් ඇතුළු වගාවන් රැසකටම හානි සිදු කරලා තිබෙනවා. පාසල් දරැවන්ට උදෑසන කාලයේ පාසල්වලට යන්න පවා දැඩි අවදානම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. අඩුම තරමින් පාරක යන්නවත් බැරි තත්ත්වයක් ඇති වෙමින් තිබෙනවා. සමනල වැව රක්ෂිතයේ සිට තමයි මෙම වනඅලි ගම්මානයට පැමිණෙන්නේ. අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම වනඅලි කරදරය තවත් ඉහළ යන්න කලින් මෙයට ස්ථිර විසඳුමක් ලබා දෙන්න කියලයි.”