Home » හත­ර­බා­ගේට අලි කර­දර

හත­ර­බා­ගේට අලි කර­දර

by Gayan Abeykoon
March 21, 2025 4:01 pm 0 comment

බළ­න්ගොඩ විශේෂ - සම්පත් ප්රිය­න­න්දන

 ජන­තාව දැඩි භීති­යෙන් 

වගා බිම් රැසක් විනා­ශයි   

බළ­න්ගොඩ, ඉඹුල්පේ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් හත­ර­බාගේ ප්‍රදේ­ශ­යට මේ දින­වල වන­අලි පැමි­ණීම හේතු­වෙන් ජන­තාව දැඩි බියට පත්ව සිටින බව හත­ර­භාගේ ප්‍රදේ­ශයේ පදිංචි ජන­තාව පව­සති.

හත­ර­බාගේ සෞඛ්‍ය මධ්‍ය­ස්ථා­නය අස­ල­ටම වන­අලි පැමිණ ජන­තාව විසින් වගා­කර ඇති පොල්, කෙසෙල්, පුවක්, ගම්මි­රිස් ඇතුළු වගා­වන් රැසක් විනාශ කර දමා තිබෙන බවද ජන­තාව පව­සති.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ හිටපු ප්‍රදේ­ශීය සභා මන්ත්‍රී ඩබ්ලිව්.ඒ. සුමිත් වික්‍ර­ම­ආ­ර­චිචි මහතා මෙසේ පැව­සීය.

“හත­ර­බාගේ කියන්නේ මීට පෙර කව­දා­වත් වන­අලි කර­දර තිබුණු ගම්මා­න­යක් නොවෙයි. ඒත් පසු­ගි­යදා අලු­යම හත­ර­භාගේ සෞඛ්‍ය මධ්‍ය­ස්ථා­නය අස­ල­ටම වන­අලි ඇවිත් අපේ පොල්, කෙසෙල්, පුවක්, ගම්මි­රිස් ඇතුළු වගා­වන් රැස­ක­ටම හානි සිදු කරලා තිබෙ­නවා. පාසල් දරැ­වන්ට උදෑ­සන කාලයේ පාස­ල්ව­ලට යන්න පවා දැඩි අව­දා­නම් තත්ත්ව­යක් ඇති වී තිබෙ­නවා. අඩුම තර­මින් පාරක යන්න­වත් බැරි තත්ත්ව­යක් ඇති වෙමින් තිබෙ­නවා. සම­නල වැව රක්ෂි­තයේ සිට තමයි මෙම වන­අලි ගම්මා­න­යට පැමි­ණෙන්නේ. අපි අදාළ බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම වන­අලි කර­ද­රය තවත් ඉහළ යන්න කලින් මෙයට ස්ථිර විස­ඳු­මක් ලබා දෙන්න කිය­ලයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT