Home » පළා­තම ගඳ ගස්ස­මින් පුත්ත­ලම මූලික රෝහලේ වැසි­කිළි උතු­රයි

පළා­තම ගඳ ගස්ස­මින් පුත්ත­ලම මූලික රෝහලේ වැසි­කිළි උතු­රයි

බල­ධා­රීන්ට වගේ වගක් නෑ

by Gayan Abeykoon
March 21, 2025 4:00 pm 0 comment

පුත්ත­ලම අති­රේක - හිරාන් ප්රියං­කර ජය­සිංහ

පුත්ත­ලම මූලික – රෝහලේ වැසි­කිළි පද්ධති මාස කිහි­ප­යක සිට උතුරා යාම හේතු­වෙන් නේවා­සි­කව ප්‍රති­කාර ලබන රෝගීන් හා රෝහල් කාර්ය මණ්ඩ­ලය මෙන්ම අවට ජන­තාව දැඩි පීඩා­ව­කට පත්ව තිබු­ණද වග­කිව යුතු බල­ධා­රීන් කිසිදු විස­ඳු­මක් ලබා නොදී­මත් සමඟ බර­ප­තළ ගැටලු රැස­කට පත්ව ඇති බව ජන­තාව පව­සති.

දිගින් දිග­ටම වැසි­කිළි පද්ධති උතුරා ගලා යමින් මල මූත්‍ර විවෘත පරි­ස­ර­යට ගලා යාමත් සමඟ බර­ප­තළ සෞඛ්‍ය ගැටලු රැසක් මතුව තිබු­ණද වග­කිව යුතු සෞඛ්‍ය බල­ධා­රීන් නිහඬ පිළි­වෙ­තක් අනු­ග­ම­නය කිරී­මෙන් ප්‍රති­කාර ලබා ගැනී­මට පැමි­ණෙන රෝගීන් ඇතුළු සෙසු පිරි­සගේ සෞඛ්‍ය ආර­ක්ෂාව බිංදු­වට දමා ඇති බවද ජන­තාව පව­සති.

පුත්ත­ලම දිස්ත්‍රි­ක්කයේ ඇති රෝහල් කිහි­පය අත­රින් පුත්ත­ලම මූලික රෝහල ප්‍රධාන තැනක් ගනී. ඒ හේතු­වෙන් ආණ­ම­ඩුව, නව­ග­ත්තේ­ගම, වනා­ත­වි­ල්ලුව, කල්පි­ටිය, මහ­කු­ඹු­ක්ඩ­වල, තබ්බෝව, අලු­ත්ගම, කොට්ටු­ක­ච්චිය ඇතුළු රෝහ­ල්ව­ලින් ප්‍රති­කාර ලබා ගැනී­ටම පැමි­ණෙන රෝගීන් වැඩි­දුර ප්‍රති­කාර සඳහා පුත්ත­ලම මූලික රෝහ­ලට පැමි­ණෙති. මෙම රෝහලේ බාහිර රෝගී අංශ­යට දෛනි­කව ප්‍රති­කාර ලබා ගැනීම සඳහා රෝගීන් දහ­ස­කට ආසන්න පිරි­සක් පැමි­ණෙන බවද පැවසේ.

ඒ සම­ඟම පුත්ත­ලම මූලික රෝහලේ දෛනි­කව 800කට ආසන්න නේවා­සික රෝගීන් පිරි­සක් ප්‍රති­කාර ලබන අතර මෙම සියලු දෙනා වෙනු­වෙන් ඇති පහ­සු­කම් කිසිදු ලෙස­කින් ප්‍රමා­ණ­වත් නොවීම මෙම තත්ත්ව­යට හේතුවී ඇති බවද කියයි. එවන් වට­පි­ටා­වක් තුළ රෝහලේ නේවා­සික රෝගීන් රැඳී සිටින වාට්ටු සංකිර්ණ කිහි­ප­යක් තුළ කැසි­කිළි වැසි­කිළි උතුරා යාමත් සමඟ වාට්ටු තුළ රෝගීන්ට රැඳී සිටී­මට සිදුව ඇත්තේ අධික දුගඳ හා මැසි මදුරු කර­ද­ර­යට අම­ත­රව සෞඛ්‍ය ගැටලු රැස­කුත් මතු කර­මිනි.

මෙයින් බර­ප­තළ තත්ත්වය වී ඇත්තේ හෘද රෝග ඒක­කය අසල වැසි­කිළි ඒක­කය සම්පූ­ර්ණ­යෙන් උතුරා යාමෙන් මෙම ඒක­ක­යට පැමි­ණෙන රෝගීන් හා කාර්ය මණ්ඩ­ලය බර­ප­තළ පීඩා­වට සහ අසී­රු­තා­වට ලක්ව ඇති බව කියයි.

මෙලෙස සමස්ත රෝහල් පද්ධ­තිය පුරාම මෙලෙස කැසි­කිළි හා වැසි­කිළි පද්ධ­තිය සම්පූ­ර්ණ­යෙන් උතුරා යමින් සිදු­වන පීඩා­වට නිසි ක්‍රියා මාර්ග­යක් නොගැ­නීම හේතු­වෙන් පුත්ත­ලම මූලික රෝහල ලෙඩ බෝ කරන මධ්‍ය­ස්ථා­න­යක් බවට පත් කර ඇති බවද ජන­තාව පව­සති.

පුත්ත­ලම මූලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය තිළිණා වනි­ග­සේ­කර මෙ‍ෙණ­වි­ය­ගෙන් මේ පිළි­බ­ඳව කළ විම­සී­මේදී පවසා සිටියේ මෙවැ­න්නකි.

“මම මේ රෝහ­ලට ඇවිත් දැනට මාස කිහි­ප­යක් පම­ණයි ගෙවී තිබෙන්නේ. ඔය ප්‍රශ්නය අවු­රුදු 15ක් පුරා පැවති ප්‍රශ්න­යක්. අඩුම තර­මින් මේ රෝහ­ලට ජල නළ කාර්මි­ක­ය­කු­වත් නැහැ, එවැනි තත්ත්ව­යක් පව­තින්නේ.

මේ ගැට­ලුව බර­ප­තළ එකක් බව මම දන්නවා. නමුත් අවු­රුදු ගණ­නක් තිබුණ ප්‍රශ්න­යක් මට මාස කිහි­ප­ය­කින් කරන්න බැහැ. ඒ සඳහා මම අදාළ ඉහළ නිල­ධා­රීන් දැනු­ම්වත් කර තිබෙ­නවා. ඒ අය මේ සඳහා මැදි­හ­ත්වීම් කර­මින් සිටි­නවා. අනික පුත්ත­ලම මූලික රෝහලේ පිහි­ටීම ගත්තොත් මුහුදු මට්ට­මින් පහළ තිබෙන්නේ එයත් මේ ගැට­ලු­වට බලපා තිබෙ­නවා යැයි ද ඇය පැව­සු­වාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT