Wednesday, March 26, 2025
Home » විදේ­ශි­ක­යන්ට විකු­ණන්න ගිය කොතලහිඹුටු කෝප්ප 30ක් එක්ක අයෙක් කොටු

විදේ­ශි­ක­යන්ට විකු­ණන්න ගිය කොතලහිඹුටු කෝප්ප 30ක් එක්ක අයෙක් කොටු

by Gayan Abeykoon
March 21, 2025 4:00 pm 0 comment

පොතු­පි­ටිය - සුමිත් ප්රේම­ති­ලක, කළුතර මධ්යම සමූහ

විදේ­ශි­ක­යන්ට අලෙවි කිරීම සඳහා සූදා­නම් කර තිබූ කොතල හිඹු­ටු­ව­ලින් නිප­ද­වන ලද කෝප්ප 30ක් සමඟ සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගත් බව පාණ­දුර දකුණ මූල­ස්ථාන පොලී­සිය පව­සයි. මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ පාණ­දුර ප්‍රදේ­ශයේ පදිංචි 26 හැවි­රිදි පුද්ග­ල­යෙකි.    පාණ­දුර ප්‍රදේ­ශයේ සංචා­රක හෝට­ල­යක කොතල හිඹු­ටු­ව­ලින් නිප­ද­වන ලද කෝප්ප අලෙවි කරන බවට ලද තොර­තු­රක් මත පොලිස් කණ්ඩා­යම හෝට­ලයේ සඟවා තිබූ කෝප්ප 30ක් සොයා­ගෙන සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. සැක­කරු රාජ­ගි­රිය ප්‍රදේ­ශ­යෙන් රැගෙන විත් පාණ­දුර සංචා­රක හෝට­ලයේ සඟවා, විශේ­ෂ­යෙන් චීන ජාති­ක­යන් ඉලක්ක කර­ග­නි­මින් කාල­යක පටන් කොතල හිඹුටු කෝප්ප අලෙවි කර තිබූ බවට පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළි වී ඇත. සැක­කරු පාණ­දුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි. පාණ­දුර මූල­ස්ථාන පොලිස් පරී­ක්ෂක උපුල් ප්‍රියං­කර මහ­තාගේ උප­දෙස් පරිදි අප­රාධ අංශ නිල­ධා­රීහු පරී­ක්ෂණ පව­ත්වති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT