Home » තුවාල ලැබූ වැලි මුවාට තරු­ණි­ය­කගෙන් පිහිට

තුවාල ලැබූ වැලි මුවාට තරු­ණි­ය­කගෙන් පිහිට

by Gayan Abeykoon
March 21, 2025 4:01 pm 0 comment

නෝර්වුඩ් සමූහ - රංජිත් රාජ­පක්ෂ

හැටන් පූල්බෑන්ක් ප්‍රදේ­ශයේ ලඳු කැලෑ­වක තුවාල ලබා සිටි වැලි මුවකු බේරා­ගෙන එම වැලි මුවා පශු වෛද්‍ය­ව­රයා වෙත යොමු­කර ප්‍රති­කාර ලබා දීමට ඊයේ (20) එම ප්‍රදේ­ශයේ තරු­ණි­යක් කට­යුතු කර ඇත.

හැටන් පූල්බෑන්ක් ප්‍රදේ­ශයේ ලඳු කැලෑව හරහා නිවෙස් ආස­න්න­යට පැමිණි වැලි මුවා සුන­ඛ­යන් විසින් අල්ලා ගොදු­රක් බවට පත් කර ගැනී­මට උත්සහ කළ අව­ස්ථාවේ මුවා කෑ ගසන ශබ්දය ඇසී දිව ගිය එම තරු­ණිය සුන­ඛ­යන් පන්නා දමා තුවාල ලබා සිටි වැලි මුවා ඇගේ මෝටර් රථ­යෙන්ම හැටන් පශු වෛද්‍ය කාර්යා­ලය වෙත රැගෙන විත් ප්‍රති­කාර ලබා දීමට ඇය කට­යුතු කර ඇත.

තුවාල ලැබූ වැලි මුවා ප්‍රති­කාර ලබා දීමෙන් අන­තු­රුව නල්ල­ත­න්නිය වන ජීවී කාර්යා­ලයේ නිලා­ධා­රීන් වෙත භාර දීමට හැටන් පශු වෛද්‍ය­ව­රයා කට­යුතු කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT