හැටන් පූල්බෑන්ක් ප්‍රදේශයේ ලඳු කැලෑවක තුවාල ලබා සිටි වැලි මුවකු බේරාගෙන එම වැලි මුවා පශු වෛද්‍යවරයා වෙත යොමුකර ප්‍රතිකාර ලබා දීමට ඊයේ (20) එම ප්‍රදේශයේ තරුණියක් කටයුතු කර ඇත.
හැටන් පූල්බෑන්ක් ප්‍රදේශයේ ලඳු කැලෑව හරහා නිවෙස් ආසන්නයට පැමිණි වැලි මුවා සුනඛයන් විසින් අල්ලා ගොදුරක් බවට පත් කර ගැනීමට උත්සහ කළ අවස්ථාවේ මුවා කෑ ගසන ශබ්දය ඇසී දිව ගිය එම තරුණිය සුනඛයන් පන්නා දමා තුවාල ලබා සිටි වැලි මුවා ඇගේ මෝටර් රථයෙන්ම හැටන් පශු වෛද්‍ය කාර්යාලය වෙත රැගෙන විත් ප්‍රතිකාර ලබා දීමට ඇය කටයුතු කර ඇත.
තුවාල ලැබූ වැලි මුවා ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව නල්ලතන්නිය වන ජීවී කාර්යාලයේ නිලාධාරීන් වෙත භාර දීමට හැටන් පශු වෛද්‍යවරයා කටයුතු කර ඇත.