දිවයිනෙහි වැඩිම ඡන්දදායක සංඛ්‍යාව මෙවරත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන බවත්, මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙහි මැතිවරණ කොට්ඨාස 13හි ඡන්දදායකයින් 1,896,304 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බවත් ගම්පහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා පවසයි.
මෙය පසුගිය 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාවට වඩා ඡන්දදායකයින් 15,175 දෙනකුගේ වැඩිවීමක් වන අතර, 2025 පෙබරවාරි මස 1 වැනි දිනට පෙර වයස අවුරුදු 18 සම්පූර්ණ වූවන් මැතිවරණය සඳහා ලියාපදිංචි වීම මත මෙම වැඩිවීම සිදුව ඇත. දිස්ත්‍රික්කයෙහි පළාත් පාලන ආයතන 19 සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින් සංඛ්‍යාව මෙසේය.
මීගමුව මහ නගර සභාව – 117756, ගම්පහ මහ නගර සභාව – 53775, වත්තල මාබෝලෙ නගර සභාව – 21374, කටුනායක සීදූව නගර සභාව – 30890, මිනුවන්ගොඩ නගර සභාව – 6256, ජා-ඇළ නගර සභාව – 25921, පෑලියගොඩ නගර සභාව – 17983, වත්තල ප්‍රාදේශීය සභාව – 119912, කටාන ප්‍රා. සභාව – 140712, දිවුලපිටිය ප්‍රා. සභාව – 124117, මීරිගම ප්‍රා. සභාව – 141223, මිනුවන්ගොඩ ප්‍රා. සභාව – 150292, අත්තනගල්ල ප්‍රා. සභාව – 153653, ගම්පහ ප්‍රා. සභාව – 117322, ජා-ඇළ ප්‍රා. සභාව – 141170, මහර ප්‍රා. සභාව – 176414, දොම්පෙ ප්‍රා. සභාව – 134385, බියගම ප්‍රා. සභාව – 142813, කැලණිය ප්‍රා. සභාව – 80336.
මේ අතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ස්වාධීන සහ පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් කණ්ඩායම් 186ක් ඇප මුදල් තැන්පත් කොට තිබූ බව දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණය කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.