දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ කොහුවල ආදාහනාගාරය ක්රියාවිරහිත වීම හේතුවෙන් මෘත ශරීර ආදාහනය කිරීමට නොහැකිව, ඒවායේ හිමිකරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක, සාම විනිසුරු ජේ.ඒ. බන්දුල ප්‍රසන්න මහතා පැවසීය.
මේ වන විට මාසයකටත් අධික කාලයක් තිස්සේ ආදාහනාගාරය ක්රියාත්මක නොවන නිසා දිනපතා පරීක්ෂණ අවසන් වන මෘත ශරීර භූමදානය සඳහා පමණක් අධික මිලක් ගෙවා තවත් අමතර ගාස්තු පවා ගෙවමින් තම ඥාතීන්ගේ මෘත ශරීර අවසන් කටයුතු සිදු කිරීමට සිදුවන බවට ජනතාව නිතර මැසිවිලි නඟන බවත් හදිසි මරණ පරීක්ෂකවරයා වැඩිදුරටත් කීය. ඒ අනුව මෙම ආදාහනාගාරය කඩිනමින් යථාවත් කර දෙන ලෙස ද වගකිවයුතු ආයතනවලින් ජනතාව ඉල්ලා සිටිති.