Tuesday, March 25, 2025
Home » බාල­දක්ෂ ව්‍යාපා­රයේ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිගේ ජීව­මාන ප්‍රමා­ණයේ පිළි­රු­වක්

බාල­දක්ෂ ව්‍යාපා­රයේ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිගේ ජීව­මාන ප්‍රමා­ණයේ පිළි­රු­වක්

by Gayan Abeykoon
March 21, 2025 4:01 pm 0 comment

කොට­දෙ­ණි­යාව සමූහ - එම්. පුෂ්ප­කු­මාර
බාල­දක්ෂ කොම­සා­රි­ස්ව­රයා පිළි­රුව විවෘත කර සිය ආචා­රය පුද කළ අයුරු

බාල­දක්ෂ සංග­මයේ මීග­මුව ශාඛාව පිහිටි කඩො­ල්කැලේ මූල­ස්ථාන භූමි­යේදී බාල­දක්ෂ ව්‍යාපා­රයේ නිර්මාතෘ බේඩන් පවෙල් සාමි­ව­ර­යාගේ ජීව­මාන ප්‍රමා­ණයේ පිළි­රු­වක් විවෘත කිරීම, බාල­දක්ෂ ප්‍රධාන කොම­සා­රිස් නීතිඥ ජන­ප්‍රිත් ප්‍රනාන්දු මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු­කෙ­රිණි. බේඩන් පවෙල් සාමි­ව­ර­යාගේ 168 වැනි සැම­රුම් දිනය නිමි­ත්තෙන් මෙම උත්ස­වය පැවැ­ත්වුණු අතර පෝතක බාල­ද­ක්ෂ­යින් හත්දෙ­නකු ජනා­ධි­පති බාල­දක්ෂ නිල ලාංඡන පැලැ­ඳ­වීම ද මෙහිදී සිදු­විය. මීග­මුව ප්‍රාදේ­ශීය ලේකම් රසිකා මල්ල­වා­රච්චි මහ­ත්මිය, මීග­මුව ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ කපි­තාන් ආදි බාල­දක්ෂ පාමින්ද ජය­ව­ර්ධන මහතා, උප ප්‍රධාන බාල­දක්ෂ කොම­සා­රිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මහ­ත්මිය, මූල­ස්ථාන කොම­සා­රිස් දර්ශන රණ­තුංග මහතා, මීග­මුව දිසා බාල­දක්ෂ කොම­සා­රිස් රොමේෂ් රොඩ්රිගෝ මහතා, මීග­මුව දිසා බාල­දක්ෂ සංග­මයේ නිල­ධාරී මඬුල්ල, සහාය දිසා කොම­සා­රි­ස්ව­රුන්, බාල­දක්ෂ නාය­ක­යන්, බාල­ද­ක්ෂ­යන් හා විදු­හ­ල්ප­ති­ව­රුන් ඇතුළු පිරි­සක් මෙම උත්ස­ව­යට සහ­භාගී වී සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT