Tuesday, March 25, 2025
Home » වෙල­ප­හළ මාර්ගය කඩාවැටී­ මා­රක අන­තු­ර­කට අත­ ව­නයි

වෙල­ප­හළ මාර්ගය කඩාවැටී­ මා­රක අන­තු­ර­කට අත­ ව­නයි

by Gayan Abeykoon
March 21, 2025 4:01 pm 0 comment

මීග­හ­තැන්න සමූහ

මීග­හ­තැන්න, වෙල­ප­හළ මාර්ගයේ පහළ ඇළ අසල කොටස කඩා­වැටී මාරක අන­තු­ර­කට අත­ව­න­මින් තිබෙන බව ප්‍රදේ­ශ­වා­සීහු පව­සති.

පසු­ගිය ප්‍රාදේ­ශීය සභා පාලන සමයේ රුපි­යල් ලක්ෂ ගණන් වැය­කර කොන්ක්‍රීට් කළ මෙම මාර්ගයේ මීග­හ­තැන්න නග­ර­යෙන් ආරම්භ වන ස්ථානයේ මීටර් 150ක පමණ කොට­සක් ඇළට කඩා­වැටී වස­ර­කට ආසන්න කාල­යක සිට ගම­නා­ග­ම­නය පාපැදි හා පාග­ම­නට පම­ණක් සීමාවී තිබේ. වළ­ල්ලා­විට ප්‍රාදේ­ශීය සභාව සතු මෙම මාර්ගය පසු­ගිය කාලයේ කොන්ක්‍රීට් කළ ද නිසි ලෙස මාර්ගය පස් දමා ප්‍රමි­ති­යෙන් යුතුව ගොඩ­කි­රීම සිදු නොකර, කුඹුරේ මඩ දමා ඒ මත කොන්ක්‍රීට් ඇති­රීම හේතු­වෙන් කොන්ක්‍රීට් තට්ටු­වට යටින් සේදී කොන්ක්‍රීට් තට්ටුව පුපුරා මාර්ගය විනාශ වී ඇති බවට ප්‍රදේ­ශයේ ජන­තාව චෝදනා කරති. විශාල අන­තු­රක් වීමට පෙර මෙම මාර්ගයේ අව­දා­නම් ස්ථානය ප්‍රති­සං­ස්ක­ර­ණය කර දෙන්නැයි⁣ ප්‍රදේ­ශ­වා­සීහු වළ­ල්ලා­විට ප්‍රාදේ­ශීය සභා­වෙන් ඉල්ලති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT