Home » මීගම ශ්‍රී මංග­ලා­රාම විහා­රයේ බෝධි ප්‍රාකා­රය විවෘත කෙරේ

මීගම ශ්‍රී මංග­ලා­රාම විහා­රයේ බෝධි ප්‍රාකා­රය විවෘත කෙරේ

by Gayan Abeykoon
March 21, 2025 4:01 pm 0 comment

අලු­ත්ගම - තුසිත කුමාර ද සිල්වා

දර්ගා නග­රය, ආඳා­වල, මීගම ශ්‍රී මංග­ලා­රාම විහා­ර­ස්ථා­නයේ අභි­නව අට­විසි බුදු­රුව සහිත බෝධි ප්‍රාකා­රය විවෘත කිරීමේ පුණ්‍ය මහෝ­ත්ස­වය, විහා­රා­ධි­පති හේවිස්සේ උප­තිස්ස නාහි­මි­යන්ගේ අනු­ශා­සනා පරිදි මහා සංඝ­ර­ත්නය වැඩම කර පෙරේදා (19) උදෑ­සන සිදු කෙරිණි. විහා­රස්ථ දායක සභාවේ මැදි­හත් වීමෙන් ඉදි­කෙ­රුණු මෙම බෝධි ප්‍රාකා­ර­යට වැඩම කළ මහා සංඝ­ර­ත්නය ප්‍රථම අෂ්ට පරි­ෂ්කාර පූජාව සිදු කිරී­මෙන් අන­තු­රුව දායක කාර­කාදී පින්ව­තුන් ඇතුළු ගම්වා­සීහු කිරි­පිඬු පූජා­වක් සහිත අෂ්ට පරි­ෂ්කාර පූජා කර මහා සංඝ­ර­ත්නය වෙතින් ආග­මික ආශී­ර්වා­දය ලබා ගත්හ. මීගම සමන් දේවා­ලයේ භාර­කාර ප්‍රධාන කපු ධුර­න්දර විජිත සමන්ත විජේ­සිංහ මහතා මෙම පින්කම වෙනු­වෙන් විහා­රස්ථ දායක සභාව වෙත එම අව­ස්ථාවේ රුපි­යල් 50,000ක මූල්‍ය ආධා­ර­යක් සිදු කර ගිහි අනු­ශා­ස­නාව පැවැ­ත්වීය.

බෝධි ප්‍රාකා­රය විවෘත කිරීමේ සුබ හෝරාවේ පුණ්‍ය මහෝ­ත්ස­ව­යට විහා­රා­ධි­පති හේවෙස්සේ උප­තිස්ස, මූණ­ම­ල්වත්ත සෙන­වි­ර­ත්නා­රා­මා­ධි­පති ඉඳු­රුවේ සුම­නා­නන්ද, පන්නිල සිරි­වි­මල, මොර­ගල සුම­න­තිස්ස, වැල්ල­වායේ ආරි­ඥාන, අනු­රා­ධ­පුර සද්ධා­නන්ද, කිරි­ව­න්දල විම­ල­ධම්ම යන හිමි­වරු වැඩම කළ අතර, මීගම සමන් දේවා­ලයේ භාර­කාර විජිත සමන්ත, දායක සභාවේ සභා­පති ලාල් ගුණ­සේ­කර, ලේකම් පී.කේ. අනුර, භාණ්ඩා­ගා­රික දීපිකා හෙට්ටි­ආ­රච්චි යන මහත්ම මහ­ත්මීන් ඇතුළු ප්‍රදේ­ශයේ රාජ්‍ය නිල­ධා­රීන්, ගම්වැ­සි­යන් දායක පින්ව­තුන් ඇතුළු පිරි­සක් මෙම පින්ක­මට සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT