Home » ආර­වු­ල­කට අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු පලා ගිය නාවුක සෙබ­ළෙක්

ආර­වු­ල­කට අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු පලා ගිය නාවුක සෙබ­ළෙක්

by Gayan Abeykoon
March 21, 2025 4:00 pm 0 comment

පුත්ත­ලම සමූහ ක්රිස්පිල් බෙන­ඩික් ප්රනාන්දු

තම සහෝ­ද­රයා සමඟ ඇතිවූ මුදල් ආරා­වු­ලක් සම්බ­න්ධ­යෙන් සැක­පිට පොලිස් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අයෙක් මීට වසර කිහි­ප­ය­කට ඉහ­තදී නාවික හමු­දා­වෙන් පලා­විත් ඇති අයෙක් බව පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළිවී ඇත.

මෙම හිටපු නාවික සෙබළා නාත්ත­න්ඩියේ ඉහළ කොට්ට­රා­මුල්ල, පලු­වැ­ල්ගාල පදිං­චි­ක­රු­වෙකි.

සැක­කරු සහ ඔහුගේ සහෝ­ද­රයා අතර සිදුවී ඇති මුදල් ආරා­වු­ලක් සම්බ­න්ධ­යෙන් මාර­විල පොලී­සි­යට ලැබී ඇති පැමි­ණි­ල්ල­කට අනුව සැක­පිට පොලිස් අත්අ­ඩං­ගු­වට ගෙන වැඩි­දුර විම­ර්ශන සිදු­කි­රී­මේදී මොහු කොල්ලු­පි­ටියේ පිහිටි නාවික හමුදා සෙබ­ළුන් පුහුණු කරන මධ්‍ය­ස්ථා­නයේ සේවය කර­මින් සිටි­යදී මීට වසර පහ­කට ඉහ­තදී පලා­විත් ඇති අයෙක් බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී හෙළිවී ඇත. මාර­විල පොලී­සිය මේ පිළි­බ­ඳව වැඩි­දුර විම­ර්ශන සිදු­ක­රයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT