වස්ගමුව ජාතික වන උද්‍යානයට අනවසරයෙන් ඇතුළුවි මැණික් ගැරීමේ චෝදනාවට වරද පිළිගත් පොලොන්නරුව කලහාගල පදිංචි පුද්ගලයන් දෙදෙනකු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ දි වරද පිළිගැනිමෙන් පසු රුපියල් 180,000 දඩ මුදලක් හා මාස 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවම වසර 5ට අත්හිටුවිමේ නියෝගයක් අංක 1 මහේස්ත්‍රාත් යූ.කේ. සකින ක්‍රිශාන් වික්‍රමරත්න මහතා විසින් නියම කළේය.
චුදිතයන් වූයේ පොලොන්නරුව සුවර්ණපාලිගම සහ කලහාගල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
අධිකරණයේ දි චෝදනාවට වරද පිළිගත් පළමු චුදිතට හා දෙවනි චුදිතයාට වස්ගමුව ජාතික වන උද්‍යානයට අනවසරයෙන් ඇතුළුවිමේ චෝදනාවට රුපියල් 25,000 බැගින් රුපියල් 50000ක දඩ මුදලක් ද අනවසරයෙන් මැණික් ගැරීමේ චෝදනාවට එක් අයකුට රුපියල් 65,000 බැගින් රුපියල් 130,000ක දඩ මුදලක්ද නියම කළ මහේස්ත්‍රාත් සකින කිෂාන් වික්‍රමරත්න මහතා මෙම දඩ මුදලට අමතරව චුදිතයන්ට මාස 6 සිරදඬුවම වසර 5කට අත්හිටුවීමේ නියෝගයක් ද නිකුත් කරන ලදී.
අංගම්මැඩිල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් දෙදෙනා වස්ගමුව ජාතික වන උද්‍යානයට අනවසරයෙන් ඇතුළුවීම, අනවසරයෙන් මැණික් ගැරීම, රක්ෂිත කැලෑවට හානි සිදුකිරීම යන චෝදනා යටතේ පොලොන්නරුව අංක 1 මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩු පවරා තිබුණි.