Home » කැබි­ති­ගො­ල්ලෑව පොලිස් භූමියේ පුද්ගල නාශක බෝම්බ­යක්

කැබි­ති­ගො­ල්ලෑව පොලිස් භූමියේ පුද්ගල නාශක බෝම්බ­යක්

by Gayan Abeykoon
March 21, 2025 4:00 pm 0 comment

කැබි­ති­ගො­ල්ලෑව සමූහ එස්.ජී.උබේ­පාල

කැබි­ති­ගො­ල්ලෑව පොලිස් ස්ථාන භූමියේ වළලා තිබූ වසර ගණ­නා­වක් පැරණි පුද්ගල නාශක බෝම්බ­යක් ඩෑෂ් (DASH) නමැති බිම් බෝම්බ නිශ්ක්‍රිය ආය­ත­නය විසින් පෙරේදා (19) සොයා­ගත් බව කැබි­ති­ගො­ල්ලෑව පොලී­සිය පව­සයි.

කැබි­ති­ගො­ල්ලෑව පොලිස් වසමේ ත්‍රස්ත­වාදී තර්ජන පැවති වක­වා­නුවේ පොලිස් ස්ථානයේ ආර­ක්ෂාව සඳහා එව­කට සිටි නිල­ධා­රීන් විසින් ආර­ක්ෂක මුර­කුටි සහ වැට මායිම් බිම් තීරු ප්‍රදේ­ශ­වල මෙම පුද්ගල නාශක බෝම්බ වළලා ඇත. ඒ පිළි­බඳ ලද තොර­තු­ර­කට අනුව 2024.10.10 වන දින කිලි­නො­ච්චියේ රාජ්‍ය නොවන සංවි­ධා­න­යක් වන ඩෑෂ් (DASH) නමැති බිම් බෝම්බ නිශ්ක්‍රිය ආය­ත­න­යෙන් කරන ලද ඉල්ලී­මට අනුව මෙම පරී­ක්ෂාව සිදු­කර ඇත.

ඒ අනුව කිලි­නො­ච්චියේ පිහිටි ඩෑෂ් (DASH) බිම් බෝම්බ නිශ්ක්‍රිය අංශයේ ඕ.ඒ.සී.ඩී. ඉද්ද­ම­ල්ගොඩ මහතා ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් කැබි­ති­ගො­ල්ලෑව පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත. අන­තු­රුව විද්‍යුත් උප­ක­රණ යොදා­ග­නි­මින් කැබි­ති­ගො­ල්ලෑව පොලිස් ස්ථානය වටා සිදු කළ පරී­ක්ෂා­වෙන් පසු පොලිස් ස්ථාන භූමියේ බස්නා­හිර වැට මායි­මෙන් පිටත එනම් කැබි­ති­ගො­ල්ලෑව මූලික රෝහ­ලට අයත් රජයේ බිම් කොටසේ පැරණි පුද්ගල නාශක බෝම්බ­යක් තිබී හමුවී ඇත.

මේ පිළි­බ­ඳව කැබි­ති­ගො­ල්ලෑව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර ඇත. ඒ අනුව පුද්ගල නාශක බෝම්බය නිශ්ක්‍රිය කර විනාශ කිරී­මට කලාප අණ­දෙන නිල­ධාරී, විශේෂ කාර්‍ය බළකා කඳ­වුර, වවු­නි­යාව වෙත නියෝග කර ඇත.

මෙම බිම් ප්‍රදේ­ශයේ මෙවැනි පුද්ගල නාශක බෝම්බ තව­දු­ර­ටත් තිබේ­දැයි සෙවී­මට ඉදිරී පරී­ක්ෂණ සිදු කිරී­මට නිය­මි­තව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT