123
ඇලහැර ප්‍රදේශයේ ගොවි මහතුන් විසින් වගා කළ වී වගාවට කෘමි උවදුරු පැතිර යාම නිසා ගොවි මහතුන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති. මෙම කෘමි උවදුර සරුබිම ජයසිරිපුර යන ප්‍රදේශවල පැතිර යන බව ගොවි මහතුන් පවසති.
කෘමි උවදුර පැතිර යාම වළකාලීමට අවශ්‍ය කෘමිනාශක යෙදුවද දිනෙන් දින කෘමි උවදුර පැතිර යන බවද ගොවි මහතුන් පෙන්වා දෙති.
වර්ෂාව නිසා ද වී ගොවිතැන් විනාශ වෙන අතර පැසී ඇති වී ගොයමද අස්වැන්න ගෙවල්වලට ගැනීමට නොහැකිව ගොවි මහතුන් අසීරුතාවට පත්වී සිටිති.