Home » ලක්ෂ තුනක අඹ සොර­කම් කළ තිදෙනා අත්අ­ඩං­ගු­වට

ලක්ෂ තුනක අඹ සොර­කම් කළ තිදෙනා අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
March 21, 2025 4:00 pm 0 comment

අනු­රා­ධ­පුර සංචා­රක - බී.ජී. චතු­රංග

අඹ වගා භූමි­ය­කට ඇතු­ළුවී රුපි­යල් ලක්ෂ තුන­කට ආසන්න ටොම් ජේ.සී. වර්ගයේ අඹ ගෙඩි 1238ක් සොර­කම් කළ පුද්ග­ල­යන් තිදෙ­නෙකු දඹුල්ල ආර්ථික මධ්‍ය­ස්ථා­නය අස­ලදී පෙරේදා (19) අත්අ­ඩං­ගු­වට ගත් බව මඩා­ටු­ගම පොලී­සිය පව­සයි.

මෙලෙස අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ දඹුල්ල කපු­වත්ත, 43 කණුව ප්‍රදේ­ශයේ පදිංචි 36 සහ 29 හැවි­රිදි පුද්ග­ල­යෙකු සහ දඹුල්ල සිය­ඹ­ලා­වැව, විජය කුමාර මාවතේ පදිංචි 26 හැවි­රිදි පුද්ග­ල­යෙකි.

මඩා­ටු­ගම, මයි­ල­ග­ස්වැව ප්‍රදේ­ශයේ පදිංචි අඹ වගා­ක­රු­වෙකු සිදු කළ පැමි­ණි­ල්ල­කට අනුව පොලී­සිය මෙම විම­ර්ශ­නය ආරම්භ කර ඇත.

පැමි­ණි­ලි­කරු ඉකුත් ජන­වාරි මාසයේ දිනක අඹ වගා භූමි­යට අව­සන් වරට ගොස් ටොම් ජේ.සී. අඹ වගාවේ ගෙඩි හට ගෙන ඇති ගස් පරීක්ෂා කර බැලී­මෙන් අන­තු­රුව, ඔහුගේ පුත්‍රයා විසින් ගස්වල තිබූ එම අඹ ගෙඩි 1850කට ආව­රණ යොදා ඇති අතර ඉන්පසු දින පහ­කට පමණ පසු ගොස් නැවත පරීක්ෂා කර බැලී­මේදී, ආව­රණ දමා තිබූ අඹ ගෙඩි 1238ක් සොරුන් විසින් කඩා­ගෙන ඇති බව සඳ­හන් කර­මින් මෙම පැමි­ණිල්ල ඉදි­රි­පත් කර තිබුණි.

සැක­ක­රු­වන් තිදෙනා සොර­කම් කර ඇති අඹ ගෙඩි 1238 බර කිලෝ­ග්‍රෑම් 835ක් පමණ වන බවත් එහි වටි­නා­කම රුපි­යල් 271,586කි.

දඹුල්ල ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ පළමු දොර­ටුව අස­ලදී අත්අ­ඩං­ගු­වට ගත් මෙම සැක­ක­රු­වන් තිදෙනා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT