ඌවපරණගම බෝඹුරු දිය ඇල්ල නැරඹීමට කළුතර ප්රදේශයේ සිට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් කාර්මික දෝෂයකට ලක්ව නුවරඑළිය බෝඹුරු ඇල්ල හරහා වැලිමඩ මාර්ගයේ උඩුකුරුව පෙරළීයාමෙන් එහි සිටි දෙදෙනකු තුවාල ලබා ඇතැයි අඹගස්දෝව පොලීසිය පවසයි.
නුවරඑළිය බෝඹුරු ඇල්ල හරහා වැලිමඩ මාර්ගයට අයත් අධික වංගු හා බෑවුම් සහිත මාර්ග කොටසේදි මෙම වෑන් රථයේ තිරිංග අක්රියවී කාර්මික දෝෂයට ලක්ව ඇතැයි පොලීසිය පවසයි. රියැදුරු එම අවස්ථාවේ කඩිනමින් වෑන් රථය මාර්ග අසල තිබූ පස් කන්දක ගැටීමට ලක්කර නවතා ගැනීමට උත්සාහ ගෙන තිබේ. පස් කන්දේ ගැටීමත් සමඟ වෑන් රථය මාර්ගය මත උඩුකුරුව පෙරළී තිබේ. වෑන් රථය ඉදිරියට ධාවනයවී බෑවුමකට පෙරලී ගියේ නම් ජීවිත පවා අහිමි වීමට ඉඩ තිබුණු බව පොලීසිය පවසයි. මෙම අවස්ථාවේ වෑන් රථයේ කුඩා ළමුන් ඇතුළු 15ක් ගමන් කර ඇත. වෑන් රථය උඩුකුරුව පෙරළීයෑමෙන් එහි සිටි දෙදෙනකු පමණක් සුළු තුවාල ලබා ඇතැයි මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන අඹගස්දෝව පොලීසිය පවසයි.