Tuesday, March 25, 2025
Home » පන්නෙ­ග­මුව විදු­හ­ල්පති රිය අන­තු­ර­කින් මරුට

පන්නෙ­ග­මුව විදු­හ­ල්පති රිය අන­තු­ර­කින් මරුට

by Gayan Abeykoon
March 21, 2025 4:01 pm 0 comment

තංගල්ල සමූහ පද්ම­සිරි ගාර්දි­ය­ව­සම්

තිස්ස­ම­හා­රාම, පන්නෙ­ග­මුව රාජ­කීය විදු­හලේ පවත්වා ගෙන යනු ලබන අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාග මධ්‍ය­ස්ථා­නයේ සම්බ­න්ධී­ක­රණ නිල­ධා­රියා ලෙස කට­යුතු කර­මින් සිටි විදු­හ­ල්ප­ති­ව­ර­යෙකු පන්නෙ­ග­මුව මහ­ජන පොළ ආස­න්න­යේදී පෙරේදා (19) සවස 6.30ට පමණ වෑන් රියක ගැටී ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇතැයි තිස්ස­ම­හා­රාම පොලී­සිය පව­සයි.

ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇත්තේ සූරි­ය­වැව, විහා­ර­ගල පදිංචි රුවන් පති­ර­ණගේ පිය­සේන නමැති 58 හැවි­රිදි සූරි­ය­වැව වීරි­ය­ගම කනිටු විදු­හලේ විදු­හ­ල්ප­ති­ව­ර­යාය. ඔහු එක්දරු පියෙකි.

තිස්ස­ම­හා­රා­මයේ සිට ලුණු­ග­ම්වෙ­හෙර දෙසට ධාව­නය වූ වෑන් රථය පාග­ම­නින් යමින් සිටි විදු­හ­ල්ප­ති­ව­රයා යට­කර වෙනත් වාහන දෙකක ගැටී නතර වී ඇතැයි පොලී­සිය පව­සයි. වෑන් රථයේ රියැ­දුරු දෙහි­ඕ­විට, මාග­ම්මන ප්‍රදේ­ශයේ පදිංචි 25 හැවි­රිදි පුද්ග­ල­යෙකි. ඔහු තිස්ස­ම­හා­රාම පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

ජීවි­ත­ක්ෂ­යට පත් විදු­හ­ල්ප­ති­ව­ර­යාගේ දේහය තිස්ස­ම­හා­රාම දෙබ­ර­වැව රෝහලේ තැන්පත් කර තිබේ.

තිස්ස­ම­හා­රාම පොලී­සිය අන­තුර ගැන වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT