නුවරඑළියේ සිට හැටන් කොටගල දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇති බව දිඹුල පතන පොලීසිය පවසයි. පෙරේදා (19) පස්වරු 5.30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පතන මංසන්ධිය අසලදීය.
අධික වේගයෙන් ධාවනය කර ඇති මෙම මෝටර් රථයේ රියැදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ මෝටර් රථය තුළ රියැදුරා පමණක් සිට ඇති බවත්, අනතුරින් ඔහුටද කිසිදු අනතුරක් සිදු වී නොමැති වුවත් අනතුරින් මොටර් රථයට හා මාර්ගය අබියස පිහිටි සැතපුම් කණුවකට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන දිඹුල පතන පොලීසියේ නිලධාරින් පැවසූහ.