මෙවර පළාත් පාලන මැතිවරණයට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) කිසිදු පළාතකට තරග නොකරන බව එම පක්ෂයේ නායක ආනන්ද සංගරි හිටපු මන්ත්‍රීවරයා මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් මඟින් 19දා දැනුම් දී තිබේ.
තම පක්ෂයට හා එහි ක්‍රියාකාරකම්වලට එරෙහිව පුද්ගලයන් දෙදෙනකු අධිකරණයේ නඩු පවරා තිබීම නිසා පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගත් බව ආනන්ද සංගරි හිටපු මන්ත්‍රීවරයා සිය ලිපියේ සඳහන් කොට තිබේ.
ශ්‍රී ලංකාවේ පැරණිතම දෙමළ දේශපාලන පක්ෂයට මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා ලබා දීමට නොහැකි වීම ගැන තමන් කනගාටු වන බවද ඔහු සිය ලිපියේ සඳහන් කොට තිබේ.
මේ ලිපිය යැවීමෙන් පසුව ආනන්ද සංගරි හිටපු මන්ත්‍රීවරයා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා ඇත්තේ සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකතු වී මෙවර පළාත් පාලන මැතිවරණයේදී උතුරු නැඟෙනහිර පළාත්වල බලය ලබාගැනීමට පියවර ගන්නා ලෙසයි.